මාස 06කට පසු පළාත් අතර බස් රථ සේවා අද ආරම්භ කෙරුණා. ඒ, පළාත් අතර සංචරණ සීමා අද අළුයම 04ට ඉවත් කිරීමත් සමගයි. ඒ අනුව අන්තර පළාත් බස් රථ අද අළුයම සිට සෞඛ්‍ය ක්‍රමවේද යටතේ මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කළ බවයි වාර්තාකරුවන් පැවසුවේ.
පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග උතුරු පළාතට ඇතුළුවන ස්ථානවල ස්ථාපිත කෙරුණු මාර්ග බාධකද අද ඉවත් කර ඇති අතර ඌව පළාතේ සිට සෙසු පළාත් අතර අන්තර් පළාත් බස්රථද අද ධාවනයට එක්කර ඇත.
කෙසේවෙතත් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සියලු අන්තර් පළාත් බස් රථ හෙට සිට ධාවනයට එක්කරන බවයි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ. පළාත් අතර දුම්රිය සේවාද හෙට සිට ආරම්භ කෙරෙන අතර දුම්රිය ගමන්වාර 152ක් ඒ අනුව ධාවනයට එක් කිරීමට නියමිතයි.