ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, අද(31) සමත් වූවා ය.
ඒ, ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 සහ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් ය.
ඇය මීටර් 1,500 ධාවන ඉසව්ව විනාඩි 4 තත්පර 9.12 කින් ජයග්‍රහණය කර මීට පෙර විනාඩි 4 තත්පර 15.86 ක පෙර වාර්තාව අභිබවමින් නව වාර්තාවක් පිහිටවූවා ය.
එමෙන්ම, මීටර 5000 ධාවන ඉසව්ව ඇය විනාඩි 15 තත්පර 55.84 කින් ජයග්‍රහණය කර 2019 වසරේ පිහිටුවා තිබූ විනාඩි 16 තත්පර 17.82 ක පෙර වාර්තාව (16:17.82) අභිබවායාමට සමත් විය.