A Brand of Non Media Shout (Private) Limited

එන්නත් නොගත් බස්නාහිර පළාතේ යාචකයින් සහ මතට ඇබ්බැහිවූවන් සොයා පොලිස් මෙහෙයුමක්….

බස්නාහිර පළාතේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් මංසන්ධි, ආලෝක සංඥා පුවරු සහ නගර ආශ්‍රීතව සැරිසරන යාචකයින් පරීක්ෂා කර කොරෝනා මර්දන එන්නත ලබා දීමේ විශේෂ

මිතුරන් සමග ‌බෙදාගන්න

බස්නාහිර පළාතේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් මංසන්ධි, ආලෝක සංඥා පුවරු සහ නගර ආශ්‍රීතව සැරිසරන යාචකයින් පරීක්ෂා කර කොරෝනා මර්දන එන්නත ලබා දීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ,බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුවයි.

ඒ අනුව ඊයේ උදෑසන 09 සිට පස්වරු 04 දක්වා සිදු කළ මෙහෙයුමකදී යාචකයින් 541 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඉන් යාචකයින් 77 දෙනෙකු එක් එන්නතක් හෝ ලබා ගෙන නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම පිරිස සොයා ගෙන ඇත්තේ කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, ගම්පහ, කැළණිය, මීගමුව, නුගේගොඩ, ගල්කිස්ස, කළුතර සහ පානදුර යන ප්‍රදේශවලදීයි. ඉන් කිසිදු එන්නතක් නොගත් යාචකයින් 26 දෙනෙකු සොයා ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයෙන්. කිසිදු එන්නතක් ලබා නොගත් යාචකයින් 77 දෙනාගෙන් 22 දෙදෙනෙකුට ඊයේ දිනයේදීම කොරෝනා මර්දන එන්නත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අනෙක් යාචකයින් 55 දෙනාට ඉදිරියේදී එන්නත් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන බවයි බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ. මේ අතර කොළඹ උතුරු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 44 දෙනෙකු කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබා ගෙන නොමැති බවයි අනාවරණ වී ඇත්තේ. ඔවුන්ටද කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

මේ අතර කොළඹ දිස්ත්‍රීක්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 40,000ක් පමණ මේ දක්වා කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබා ගෙන නොමැති බව අනාවරණ වී තිබෙනවා.

එවැනි පිරිස් එන්නත් ලබා ගැනීම සඳහා අකමැත්තක් දැක්වීමට හේතු වූ කරුණු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මෙලෙස අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එන්නත් ලබා නොගත් සියලු දෙනා ජීවිත අවධානමට ලක් විය හැකි බවයි.

තවත් පුවත්