A Brand of Non Media Shout (Private) Limited

ඉදිරි අය වැයයෙන් ජනතාවට තවත් බර පැටවෙයි…

භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවනු ඇත්දැයි අද මාධ්‍යවේදීන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. ප්‍රශ්නය – ඇමතිතුමා මංගල

මිතුරන් සමග ‌බෙදාගන්න

භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවනු ඇත්දැයි අද මාධ්‍යවේදීන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

ප්‍රශ්නය – ඇමතිතුමා මංගල අයවැය ගැන වචන කිහිපයක් කියන්න ?

“ඒක රහසක් නේ.”

ප්‍රශ්නය – ජනතාවට මොනවා ද ලැබෙන්නේ ?

“ජනතාවට ලැබෙනවා නෙමෙයි ජනතාවගෙන් ගන්න වෙයි”

මේ අතර, රට තුළ පවතින සිමෙන්ති හිඟය මේ වන විට තවදුරටත් උග්‍රවෙමින් තිබේ.

කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950 ක් 1000 ක් වැනි මිලට පැවති අතර පසුගිය ඔක්තෝබර් 11 වැනිදා එම කොට්ටයක මිල රුපියල් 1,098 දක්වා ඉහළ නැංවුණි.

නමුත් අදත් බොහෝ  ප්‍රෙද්ශවලින් සිමෙන්ති හිඟයක් වාර්තා  වේ.

මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පිරිස් මෙන්ම සිමෙන්ති ගල්, මල් පෝච්චි, උද්‍යාන අලංකරණ ද්‍රව්‍ය නිෂ්පාදකයින්ද අසීරුතා රැසකට මුහුණ පා සිටී.

“අපිටත් වැඩ නෑ. සිමෙන්ති නැති නිසා. අපි අනාථවෙලා ඉන්නේ.”

“වැඩ ඔක්කෝම නවත්තලා තියෙන්නේ මහත්තයෝ වැඩ කරන්න විදියක් නෑ ඔක්කෝම අනාථයි.”

කොළඹ නගරයේ මහාපරිමාණ වැඩබිම්වලද වැඩකටයුතු සිමෙන්ති නොමැතිවීම නිසා නතර වී ඇති අයුරු දක්නට ලැබුණි.

වෙළෙඳුන් පවසන්නේ සිමෙන්ති නියෝජිතයින් වෙළෙඳසැල් වෙත සිමෙන්ති ලබා නොදී ඒවා වැඩි මිලට අලෙවි කරන බවය.

“සමහර ප්‍රදේශවල සමහර හාඩ්වෙයාර්වල සිමෙන්ති තියෙනවා. ඒවා විකුණන්නේ ඉතා වැඩිමිලකට. අපිට පේන විදියට නම් වෙළෙඳපොළේ හිඟයක් මවලා දාලා තියෙනවා වගේ තමයි අපිට පේන්නේ.”

 

තවත් පුවත්