A Brand of Non Media Shout (Private) Limited

රජය අමතක නොකළ යුතු කොවිඩ් අවසන් වි නැති බව…..

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් ජනතාව නිසිලෙස පිළිපඳින්නේ දැයි සොයාබැලීමට රජය විසින් නිසි අධීක්ෂණයක් සිදුකළ යුතු බව වෛද්‍යවරු පවසති. මේ අතර, පසුගිය සතියේ

මිතුරන් සමග ‌බෙදාගන්න

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් ජනතාව නිසිලෙස පිළිපඳින්නේ දැයි සොයාබැලීමට රජය විසින් නිසි අධීක්ෂණයක් සිදුකළ යුතු බව වෛද්‍යවරු පවසති.

මේ අතර, පසුගිය සතියේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඊට පෙර සතියට වඩා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පත්මා එස් ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

නිවසේ සිට රැකියාවල නිරත වීමේ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇය වැඩිදුරටත් පැවසූවාය.

“මේ සුමානයේ රෝගී සංඛ්‍යාවේ පොඩි වැඩිවීමක් තියෙනවා. මරණ සංඛ්‍යාවෙත් පොඩි වැඩිවීමක් තියෙනවා. අපි දන්නවා අද හැසිරීමේ තොරතුරු දකින්න තවත් සුමාන දෙකක් තුනක් එහාට යනවා කියන එක. ඒ මත හොඳට අපිට උපකල්පනය කරන්න පුළුවන් අපේ හැසිරීම කොයි ආකාරයෙන් සමාජයට පරිවර්තනය වෙයිද කියලා. අපේ රටේ සියයට 62ක් එන්නත්කරණයට යොමුවෙලා තියෙනවා. ඒකෙන් අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. නමුත් එන්නත ලබාගත් අයටත් ප්‍රතිශක්තිය හීන වුණ රෝග තියෙනවා නම් ඒ අයටත් රෝගය වැලඳීමට යළි හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ අය රෝගය ගෙදර ගෙනිහින් ගෙදර ඉන්න ප්‍රතිශක්තිය හීන වුණ අයට රෝගය දීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා අපිට රෝගය ඉවර වුණා කියලා කොහෙත්ම කියන්න විදියක් නෑ. මේක අපිට නොපෙනෙන වෛරසයකින් කරන රෝගයක් නිසා අපි සියලුදෙනා රටක් විදියට මේ ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වියයුතුයි මේ අවස්ථාවේ දී. තව දුරටත් අපිට රට වැසීමක් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට මේකෙන් වෙන හානිය ගණනය කළ නොහැකියි රටේ ජනතාවට හා ආර්ථිකයට. ඒ නිසා එකතුවෙලා මේ හැසිරීම් සියල්ලම පාලනය කළ යුතුයි. එය රටේ ජනතාවට පමණක් දෙන්න මම සුදානම් නෑ. එයට අධීක්ෂණයක් රජය විසින් කළ යුතුමයි එය පාලනය කිරීමට.” 

තවත් පුවත්