දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බැවින් බස්නාහිර, සබරගමුව මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
මේ අතර දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැකි බව ද මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් ය.
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.
අද (01) උදෑසන 5.30 න් අවසන්වු ගෙවුණු පැය 22 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම අගය මිලිමීටර් 178.5කි.
ගාල්ල දිස්ත්‍රික්කයේ මැණික්කන්ද වතු යයාට එම කාල සීමාව තුළ මිලිමීටර් 150 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
මතුගම පාලින්ද නුවර , ගාල්ල නෙළුව , රත්නපුර වටපන ප්‍රදේශ වලට ද අද උදෑසන 5.30 න් අවසන් වූ පැය 22 තුළ මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයන් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර පවතින අධික වැසි හමුවේ බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට අද (01) රාත්‍රී දක්වා ක්‍රියාත්මක වන පරිදි නාය යෑමේ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
තව ද අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක වාං දොරටු තවදුරටත් විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.