A Brand of Non Media Shout (Private) Limited

ISIS ත්‍රස්තයින් සමග සබඳතා පවත්වන ලංකාවේ 700 දෙනෙක් හදුනා ගැනේ

ඉන්දියාවේ සිට ක්‍රියාත්මකවන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 702නෙකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉන්දියාවේ සිට ක්‍රියාත්මකවන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 702නෙකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත ඊයේ (01) මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ විසින් අත්අඩංගුවටගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අදාළ පුද්ගලයින් පිළිබඳ කරුණු වාර්තා වී ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මුස්ලිම් අන්තවාදියෙකු වන සහරාන් හෂීම් නැමැත්තා පැවැත්වූ දේශන, හඬපට සහ ඡායාරූප ද අදාළ දුරකථනයේ තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

තවත් පුවත්