ජනතාව අතර දේශපාලනය කළ යුතුයි – අගමැති මහින්ද

පක්ෂයක ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොව දේශපාලනය කිරීමෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට යෙදී තිබුණා. නෙළුම්

මිතුරන් සමග ‌බෙදාගන්න

පක්ෂයක ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොව දේශපාලනය කිරීමෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට යෙදී තිබුණා.

නෙළුම් පොකුණ රඟහලේ දී පැවති සංවත්සර උත්සවයට එක්වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආණ්ඩුව ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වගේ ජනතාව අතරත් දේශපාලනයක් කළ යුතු බවයි.

අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය වන්නේ.

විශේෂයෙන් පසුගිය කාල වකවානුවේදී රටේ උද්ගතු වූ ගුරු වර්ජනය සහ ගොවි උද්ඝෝෂණය සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේ අදහස් පළකර සිටියා.

“පක්ෂයක කීර්තිය, ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙමෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියටම කරනවා වගේම ජනතාව අතරත් දේශපාලනයක් කරන්න ඕනේ. ආණ්ඩු බලයෙන් අමාත්‍යාංශවලින් රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලයේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලනයෙන් ඈත්වුණ නිසා කියලයි මම විශ්වාස කරන්නේ. අද ගොවි උද්ඝෝණ වුණත් මෙතරම් බරපතළ විදියට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසයි කියලා මම විශ්වාස කරනවා.”

තවත් පුවත්