එකම රටක්, එකම නීතියක්” මැයෙන් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සමුළුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දෙමළ සහ ක්‍රිස්තියානි නියෝජිතයින් ඇතුළත් නොකිරීම කාර්ය සාධක බලකායේ සංකල්පයට පටහැනි බව පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේ කාර්ය සාධක බලකායේ 13 දෙනෙකුගෙන් යුත් කමිටුව, විශේෂයෙන් එහි සභාපතිවරයා කිසිදු උපදේශනයකින් තොරව පත් කර ඇති බවයි.