සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද ප්‍රකාශ කළේය.
ඊයේ (02) රට පුරා සීනි සහ සිමෙන්ති හිඟයක් වාර්තා වීමත් සමඟ මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරයා මෙරට සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට එකඟ වී තිබෙනවා.
වෙළෙඳුන් අධික මිලට සීනි අලෙවි කිරීම සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සීනි හිඟයක් වාර්තා වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.