A Brand of Non Media Shout (Private) Limited

වෘත්තිය සමිති සටන අරඹයි… විසඳුම් නැත්නම් වැඩ වරන සූදානමක්….

විදුලිය, වරාය හා ඛනිජ තෙල් වෘත්තීය සමිති අද (03) දහවල් ස්ථාන කිහිපයකදී විරෝධතාවල නිරතවිය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ යුගදනවි බලාගාරයේ 40% ක් සහ මෙරට LNG

මිතුරන් සමග ‌බෙදාගන්න

විදුලිය, වරාය හා ඛනිජ තෙල් වෘත්තීය සමිති අද (03) දහවල් ස්ථාන කිහිපයකදී විරෝධතාවල නිරතවිය.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ යුගදනවි බලාගාරයේ 40% ක් සහ මෙරට LNG සැපයුම ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට විකිණීම ඇතුළු ජාතික සම්පත් විදේශිකයින් අතට පත්කිරීම වහා නවතා දැමිය යුතු බවයි.

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලිය ඒකාබද්ධ සන්ධානය ලෙස අද මෙම විරෝධතා පැවැත්විණ.

ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, වරාය පිවිසුම් දොරටුව, කොලොන්නාව හා සපුගස්කන්ද තෙල් ගබඩා සංකීර්ණ ඉදිරිපිටදීයි.

විදුලි බල මණ්ඩලය ඉදිරිපිටදී පැවති විරෝධතාවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග ඉංජිනේරු සංගමයත් එක්ව සිටියේ ය.

ඔවුන් අවධාරණය කළේ, LNG ගනුදෙනුව වහාම ආපසු හැරවිය යුතු බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම්, රංජන් ජයලාල් කියා සිටියේ, හෙටින් පසු මහ පාරේ දැවැන්ත අරගලය අරඹන බවයි.

මීට අමතරව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ කළ ප්‍රකාශයකට ද ලේකම්වරයා පිළිතුරු දුන්නේ ය.

”ඊයේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියනවා. මේ උද්ඝෝෂණය ඕනේ නම් ආණ්ඩුවට නම් කරන්න පුළුවන් ලු, රාජ්‍ය විරෝධී ක්‍රියාවක් විදිහට. අපි කියනවා මේ නිලධාරීන්ට ඔහෙලා දැක්කේ නැද්ද නීති විරෝධි විදිහට කැබිනට් එකට නොකියා, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ට නොකියා, හොර රහසේ අත්සන් කරපුවා නීත්‍යානුකූල නැහැ. අපිට සැකයක් තියෙනවා දැනටමත් හොර රහසේ ලංකා විදුලි බල මණ්ඩලයයි මේ බල ශක්ති ක්ෂේත්‍රයයි අමෙරිකාවට විකුණලද කියලා අයියලා මල්ලිලා දෙන්නා.අපි ආණ්ඩුවට කියනවා මහා දැවැන්ත අරගලයක් අපි හෙටින් පස්සේ මහ පාරට ගේනවා”

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා අනතුරු අඟවා සිටියේ, දූෂිත නීතිවිරෝධි ගනුදෙනුවේ ගිවිසුම් අහෝසි නොකළ හොත් බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

” අපි වර්ජනයකට ගියොත් විදුලිය නැති වෙයි, ප්‍රවාහනය කරන්න තෙල් ගහන්න නැති වෙයි. හොස්පිටල් අකර්මන්‍ය වෙයි ලෙඩ්ඩු මැරෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ, මේ දූෂිත නීතිවිරෝධි ගනුදෙනුවේ ගිවිසුම් පුච්චලා දාන්න. හැබැයි අවම බලය වර්ජනය නම් ඒකට අපි යනවා. මේක අනිවාර්යෙන් නවත්වන්න ඕනේ”

වෘත්තීය සමිති සාකච්ඡා කර ඉදිරි පියවර දැනුම් දෙන බවට තීරණය කරමින් ඔවුහු විරෝධතාව අවසන් කළහ.

මේ අතර LNG ගනුදෙනුවට එරෙහි විදුලිය සේවක අරගලයට සහය පළ කරමින් වරාය සේවකයෝ අද පිවිසුම් දොරටුව අසල විරෝධතකාවක නිරතවූහ.

වරායේ වටිනා ඉඩම් චීනයට සහ ඉන්දියාවට පැවරීම පිළිබඳවත් ඔවුහු එහිදී සිය විරෝධය පළ කළහ.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ අවධාරණය කර සිටියේ, වරාය සේවා විකිණීම මෙන්ම අක්කර 13ක ඉඩම විකිණීමේ කැබිනට් පත්‍රිකාව වහා හකුළා ගත් යුතු බවයි.

”පහුගිය ජූලි 21 කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. අක්කර 13ක් වටින ඉඩමක් ඒ වගේම වරාය සේවා විකුණන්න ඒ, උඹලගේ කැබිනට් පත්‍රිකාව වහාම හකුලාගනින්. එහෙම නැති වුණොත් මේ සේවකයෝ හෙට වැඩ නතර කරන්න සූදානම්”

මේ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (වරාය ශාඛාව) සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසන්නේ, ආණ්ඩුව නැවතත් රාජ්‍ය දේපළ විකිණීමට සූදානම් වන්නේ නම්, වෘත්තීය සමිතිවලට තවදුරටත් ඇස් කන් පියාගෙන බලා සිටිය නොහැකි බවයි.

සපුගස්කන්ද පිරිපහදුව ඉදිරිපිටට රැස්වූ තෙල් සංස්ථා සේවකයින් විදුලිය සේවකයින්ට සහය දෙන අතර ඛනිජ තෙල් පනත වෙනස්කරමින් ඉන්ධන වෙළෙඳපොළ විදේශිකයින් අතට පත්කිරීමේ උත්සාහය අත්හිටුවන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල පැවසුවේ, විකිණීම සඳහා පාලකයින්ට එකතු විය හැකිනම්, විකිණීම නතර කිරීම සඳහා වෘත්තීය සමිතිවලට එකතු වීමේ හැකි බවයි.

”මේ රටේ ජනතාවට අයිති සම්පතක් බවට පත්වුණු චීන වරායේ තෙල් ටැංකි ටික අපේ රටේ අයිතියට නතු කරගන්න. ඒවගේම 1961 අංක 28 දරණ පනතින් රටේ ඒකාධිකාරිය බවට රටේ තෙල් සම්පත පත්කරලා තියෙනවා. ඒ සම්පත ඒ විදිහට අබමල් රේණුවක වෙනසක් කරන්නේ නැතුව අපේ රටේ ජාතික සම්පතක් බවට පත්වෙන්න ඕනේ”

මේ අතර කොලොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිටදීත් අද දහවල් විරෝධතාවක් පැවැත්විය.

තෙල් වරාය විදුලිය සුරැකිමේ ඒකාබද්ධ බලවේගය මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා ප්‍රශ්න කර සිටියේ, තෙල් සේවකයින්ට සිදු වන්නේ කුමක් ද යන්නයි.

”එදා මහින්ද අගමැති කිව්වා මං මේකට එකඟ නැහැ කියලා, දැන් ඒක දෙනවා භාරතට. හම්බන්තොට අක්කර 50ක්. ආණ්ඩුව මේ කියන ඒවා බොරුනම් උත්තර දෙන්න. සිනෝපෙක් කියන චීන සමාගමට දෙනවා පිරිපහදුවකුත් එක්ක. තෙල් සේවකයෝ කොයි මගුලෙද යන්නේ ? ”

මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට සහභාගිවූ විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් කියා සිටියේ වෘත්තීය සමිති විවිධ ක්‍රියාමාර්ගවල නිරතවූවත් විදුලිය බිඳ වැටීමකට ඉඩ නොදෙන බවයි.

විදුලිබල අමාත්‍යාංශ අතිරේක ලේකම් ආචාර්ය සුසන්ත පෙරේරා විදුලිය බිඳ වැටීමක් සිදු නොවීම සඳහා මූලික පියවර දෙකක් ගෙන ඇති බවයි.

”යළි දන්වන තුරු අපි විදුලිය නඩත්තු කටයුත්තකට වත් අත්හිටුවන්න එපා කියන නියෝගය මම නිකුත් කරලා තියෙනවා, ඒ වගේම සියලු සේවයින්ගේ සේවය අත්‍යවශ්‍යයි කියලා සේවය නැවත දන්වන තුරු නිවාඩු යන්න එපා කියලා කියලා තියෙනවා සමථයකට පත් වෙනකන් මේ තත්ත්වය”

මේ අතර ලංකා විදුලියබල මණ්ඩලයේ සභාපති එම්.සී.ෆර්ඩිනැන්ඩු යුගදනවි කොටස් පැවරීමේ ගිවිසුම එළැඹී ආකාරය මෙලස පැහැදිලි කළේ ය.

”සමාගම ලංකාවට ඇවිල්ලා යෝජනාවක් ඉදිරිපත් කළේ, මෙගා වොට් 300 ක විදුලි බලාගාර ස්වභාවික වායුවලින් දුවන්න ඒගොල්ලන්ගෙ සල්ලිවලින් ඉදිකරන්න. ඒකට ස්වාභාවික වායුව ඒගොල්ලො සපයන්නන් සහ අනෙකුත් බලාගාරවලට විදුලිය සපයන්නන් කියලා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව තමයි කිව්වේ මේ බලාගාරය මෙහි ගහන්ඩ යන්න එපා. මේක මේ නැති ප්‍රශ්නයක්. ඒ නිසා හොඳම දේ තමයි අර පෞද්ගලික විදුලි බලාගාරයක් තියෙනවා. යුගදනවි කියලා, ඒ යුගදනවි බලාගාරය, ආණ්ඩුවේ දින 100 ට5 0% ක කොටස් ආණ්ඩුවේ තියෙනවා 50% ක කොටස් එකෙන් 40% ක් ගන්ඩ කියලා. ඊට පස්සේ තමයි භාණ්ඩාගාර නිලධාරින් ඔක්කොම නිලධාරින් එක්කහු වෙලා යම් යම් එකඟතාවන්වලට ඇවිල්ලා, 40% කොටස් විකිණීම සඳහා එකඟතාවයට ඇවිල්ල තමයි, 2021 සැප්තැම්බර් මාසේ දාහත් වෙනිදා වැනිදා ඔය ඔය විකිණීමට අදාළ එකඟතාවයේ ගිවිසුම තමයි අත්සන් කළේ ,ඒකට ගෙවන මුදල 40% ඉතා අධික මුදලක් රටට ඉතා වාසිදායකයි වාසිදායකයි. ඇමරිකන් ඩොලර් මිලියන 250ක් මේ කෙරවලපිටිය අවුරුදු එකොළහක් දුවපු බලාගාරය, තව අවුරුදු දාහතරකින් විදුලිබල මණ්ඩලයට නිකන් පවරන බලාගාරයකින් ලැබෙන ආදායම”

තවත් පුවත්