A Brand of Non Media Shout (Private) Limited

ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ Covid රෝගීන්ගේ අනපේක්ෂිත වැඩිවීමක්….

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් Covid රෝගීන්ගේ අනපේක්ෂිත වැඩිවීමක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එබැවින් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා

මිතුරන් සමග ‌බෙදාගන්න

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් Covid රෝගීන්ගේ අනපේක්ෂිත වැඩිවීමක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එබැවින් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා රට පුරා සිදුකරන අහඹු වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ (RAT) සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී තවත් RAT පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවය නිරීක්ෂණය වූ බවයි.

“ඒ සඳහා දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. කැස්ස, සෙම වැනි රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන අය සහ රෝහල්වල සහ ඒ අවට සිටින අය මෙම වැඩසටහන යටතේ RAT පරීක්ෂණවලට ලක් කෙරේ. අහඹු RAT පරීක්ෂණ ද තෝරාගත් ස්ථානවල අඛණ්ඩව පවත්වනු ලැබේ. මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල Covid රෝගීන්ගේ අනපේක්ෂිත වැඩිවීමක් පෙන්නුම් කරන බව මම විශ්වාස කරමි. මේ විශේෂ කාරණය ගැන අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි,” වෛද්‍ය හේරත් පැහැදිලි කළේය.

මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදින ලෙසත් ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

තවත් පුවත්