චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ගනුදෙනුවත් දැන් ප්‍රශ්නගත තත්ත්වයකට පත්ව තිබේ.
පොහොර නැව භාර ගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශය තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටී.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා අවධාරණය කර සිටින්නේ, තොග අනුමැතියක් ලබා නොදුන් නැවක් භාර ගැනීමේ හැකියාවක් නොමැති බවත් එය භාර ගැනීමට ශාක ආරක්ෂණ පනතේ විධි විධාන නොමැති බවත් ය.
”සාම්පල් පරීක්ෂාවක් සිද්ධකරන්න තමයි අපි සාම්පල් ගෙන්න ගත්තේ ඒ සාම්පල් පරීක්ෂාවේදී අපට තහවුරු වුණා. ඒකේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා කියලා අහිතකර ඒ නිසා තමයි අපි ඒ සඳහා බල්ක් ෆර්මිට් එකක් තොග ගෙන ඒම සඳහා අපි අනුමැතියක් ලබානොදුන්නෙ”
කෙසේ වෙතත් චීන පොහොර තොගය සහිත හිපෝ ස්ප්‍රිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදේ රැඳී සිටී.
ජාත්‍යන්තර නාවිත දත්තවලට අනුව පෙනී යන්නේ ඔවුන් වරින්ව චන්ද්‍රිකා සම්බන්ධතා විසන්ධි කරමින් අප මුහුදු සීමාව තුළ සැරි සරන බවයි.
ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන අද චීන පොහොර නැව පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ, සුලු කොටසකගේ වාසිය තකා අතයට ගනුදෙනුවක් ඇතැයි, හැඟී යන බවයි.
”මට නම් හිතෙන්නේ මේක ජීව විද්‍යාත්මක බෝම්බයක් ආකාරයට පාවෙන බොම්බයක් ආකාරයට. එතකොට මේවා ගැන හොයන්න මේ ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙනවා. හිටපු ගමන් නැව මතුවෙනවා. ஒදකුණු මුහුදේ ඒ නැවේ නම වෙනස් වෙනවා ආයිත් සැරයක් පරණ නමට යනවා. මොකක්ද මේ කරන්න යන සෙල්ලම කියලා”
මේ අතර ඇඹිලිපිටිය මහවැලි වළව කලාපයේ ගොවි බිම්වලට මහ කන්නය සඳහා ජලය නිකුත් කරන අවස්ථාවට එක්වූ උඩවලව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය සෙවනගල සෝරත හිමියෝ චීන පොහොර ගැන අදහස් පළ කළහ.
උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව අතීතයේ හයවන පරාක්‍රමබාහු රජතුමාටත් චීන අධිරාජ්‍යයා උදව් කර ඇති බවයි.
”හයවන පරාක්‍රමබාහු රජතුමාගේ නැවක් කොල්ල කනවා. රජතුමා පල්ල වරාය අල්ලලා සොලී රට මකුළුව ගම ඇතුළු ගම් හතරක් අල්ලලා එහෙන් බදු ගත්තා අපේ රටට. ඒ වගේ රජෙක් අද හිටිය නං ගූත් චීනෙ සල්ලිත් චීනෙ. අර එව්වා නේ ගූ නැවක්, පළවෙනි වතාවෙත් චෙක්කරත් ගූ, දෙවෙනි වතාවෙ චෙක්කරත් ගූ, තුන්වෙනි වතාවෙ චෙක්කරත් ගූ, ජේ. ආර්. ජයවර්ධන මහත්තයා හිටියා නම් චෙක් කරන්න කියනවා. ගූ නොවෙනකන්. මතක ද ඡන්දයක් පැරදිලා දිනකං ගණන් කරන්න වුණා. හරි රජෙක් හිටියා නම්, මිලියන 900ක් උඹලා තියා ගනිල්ලා පොහොර නැවත් උඹලා තියා ගනිල්ලා කියල එහාට යවනවා. එහෙම නැත්තං රජා කරන්න ඕනෙ මොකක්ද ? මම වගේ රජයේ හිටිය නම් මම කරන්නේ ගූ නැවක් ගේනවට වඩා ගූවලින් පොහොර හදන්න පුළුවන් මැෂින් එකක් ලංකාවට. අපේ නැද්ද ටොයිලට්”