A Brand of Non Media Shout (Private) Limited

අත්‍යවශ්‍ය භාණ්‌ඩ 17 ක පාලන මිල ඉවතට…

වහාම ක‍්‍රියාත්මක වන පරිදි සීනි, පරිප්පු, කුකුළුමස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17කට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත.

මිතුරන් සමග ‌බෙදාගන්න

වහාම ක‍්‍රියාත්මක වන පරිදි සීනි, පරිප්පු, කුකුළුමස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17කට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත.

මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය එම අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා (විශ‍්‍රාමික* විසින් පෙරේදා (3 දා* රාත‍්‍රි නිකුත් කර තිබුණි.

මේ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ගණන් ද ඊයේ සිට අහෝසි වනු ඇත.

නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුව සුදු සීනි, දුඹුරු සීනි, බී-ලූනු, මයිසුර් පරිප්පු, ටින් මාළු, බඩඉරිඟු, කුකුළුමස්, කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ, වියළි හාල්මැස්සන්, මුංඇට, ආනයනික අර්තාපල්, කඩල, තිරිඟු පිටි හා ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අවස්ථා කිිහිපයකදී නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි වනු ඇත.

සහල් මිල සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරිය විසින් මීට පෙරදී ඉවත් කරගනු ලැබීය.

තවත් පුවත්