A Brand of Non Media Shout (Private) Limited

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න : දේශීය ආනයනකරුවන්ට වන්දි ගෙවන්නේ නැහැ…..

ඉකුත් මැයි මස අවසානයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් එහි තිබූ දේශීය ආනයනකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් දේපොළ සඳහා වන්දි මුදල් ලබාදීම රජයට

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉකුත් මැයි මස අවසානයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් එහි තිබූ දේශීය ආනයනකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් දේපොළ සඳහා වන්දි මුදල් ලබාදීම රජයට අයත් කාර්යක් නොවන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

පානදුර පොදු වෙළඳ වෙළඳ සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” වන්දි මුදල් ලබානොදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම පිළිගත නොහැකි කාරණයක්. එය රජයට අයත් කාර්යයක් නොවෙයි. නැවක ප්‍රවාහනය කරන භාණ්ඩ විනාශ වූ පසු ඒ සඳහා වගකිව යුත්තේ අදාල නැව් සමාගම . වන්දි මුදල් ලබා දිය යුත්තේ ඔවුන් රක්ෂණය කර ඇති අදාළ රක්ෂණ සමාගමෙන්. ඒ බව අගතියටපත් කණ්ඩායම මා සමග සාකච්ඡා කිරීමේදී මම ඔවුන්ට දැනුම් දුන්නා. අප වන්දී ලබාදුන්නේ කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වල පදිංචි අගතියට පත් ධීවර ජනතාවටයි” අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

තවත් පුවත්