A Brand of Non Media Shout (Private) Limited

විදේශ රැකියා බලාපොරොත්තු වන අයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්..

දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මූල්‍ය වංචා සිදුකිරීම් පිළිබඳ වාර්තා ලැබී ඇති බව ශ්‍රී ලංකා

මිතුරන් සමග ‌බෙදාගන්න

දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මූල්‍ය වංචා සිදුකිරීම් පිළිබඳ වාර්තා ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

SLBFE පෙන්වා දෙන්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවා ගැනීම් සහ පුහුණුව විධිමත් ලෙස කාර්යාංශය හරහා පමණක් සිදුකරන බවයි. SLBFE බඳවා ගැනීමේ ව්‍යාපාරය හරහා රැකියා ලබාදෙන බව පවසමින් ඇතැම් පිරිස් රැකියා අපේක්‍ෂකයන්ගෙන් මුදල් වංචා කර ඇත.

දෙරට අතර ඇතිකරගත් ගිවිසුමට අනුව ජපානයේ රැකියා සිදු කරනු ලබන්නේ රාජ්‍ය බඳවා ගැනීමේ කාර්යාංශය සහ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් බවද ඔවුහු පෙන්වා දෙති.

ඊශ්‍රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම දෙරට අතර ඇති කරගත් එකඟතාවට අනුව කාර්යාංශය මගින් සිදු කෙරේ. ඊට අමතරව, ඊශ්‍රායලයට බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන කිහිපයක් විසිනි.

ගාස්තු සම්බන්ධයෙන්, මෙම බඳවා ගැනීම් සඳහා ගෙවීම් ලෙස අය කරනු ලබන්නේ කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ අදාළ රටවල බලයලත් ආයතන විසින් අනුමත කරන ලද ගාස්තු පමණි.

සමාජ මාධ්‍ය සහ වෙනත් විවිධ උපක්‍රම භාවිත කරමින් මෙවැනි රැකියා ජාවාරම්වල නිරත වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

එබැවින් මෙවැනි වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපල විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සහ කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තොරතුරු මධ්යස්ථානය – 1989

විශේෂ විමර්ශන අංශය – 011 2864142 හෝ 011 2864118

තවත් පුවත්