A Brand of Non Media Shout (Private) Limited

නොවැම්බර් 08 සඳුදා අද

ඉර උදාව – 05.59 ඉර බැසීම – 05.49 මුල නැකත සවස 06.48 දක්වා පවතී. ඉන්පසුව පුවසල නැකත උදාවේ. සුබ දිශාව – නැගෙනහිර මරු සිටින

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉර උදාව – 05.59
ඉර බැසීම – 05.49
මුල නැකත සවස 06.48 දක්වා පවතී. ඉන්පසුව පුවසල නැකත උදාවේ.
සුබ දිශාව – නැගෙනහිර
මරු සිටින දිශාව – වයඹ
රාහු කාලය – 07.29 – 08.59

බලාපොරොත්තු ඉටුවෙයි. ඉදිරිය සැලසුම් කරන්නටත්, නව ආදායම් මාර්ග පිළිබඳව සිතන්නටත් පෙලඹේ. සාර්ථක දිනයකි.

 

 

බාධකාරී දිනයකි. හදිසි අනතුරු, සිත් පීඩා, හිතවතුන් අමනාපවීම් ආදියට ඉඩ තිබේ. ධන හානිද ඇතිකරයි. ලැබෙන්නට ඇති මුදල් ලැබීම ප්‍රමාද වේ.අසනීප වලට ඉඩතිබේ.

 

මංගල යෝග උදාවේ. විවාහ වූ අයටද සිතට සැනසීම, සතුට ඇතිකරවන දේ සිදුවෙයි. ජයග්‍රහණ, හවුල්කරුවන් නිසා ජයග්‍රහණ ඇතිකරයි.

 

සතුරු පීඩා කුමන්ත්‍රණ වලට හේතුය. උදරාබාධ ආදියටද ඉඩතිබේ. ප්‍රවේසම් විය යුතුය.

 

නිරීක්ෂණ, පරීක්ෂණ ක්ෂේත්‍රවල කටයුතු කරන අයට ජයග්‍රාහී දිනයකි. ඉගෙනීමේ කටයුතු වල නිරත වූ අයටද යහපත් වෙයි. උසස් අධ්‍යාපන කටයුතු වලට සුබය.

 

ස්ථානගත වෙනස්කම් ඇතිකරවයි.
රැකියා වෙනස්කම් මෙන්ම පදිංචියේ වෙනස්කම්ද ඇතිවන්නට හේතුය. නමුත් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.

මානසික පීඩාකාරී ස්වභාවයලට මෙන්ම අධික කාර්යබහුලත්වයකට හේතුයි. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. කලබලකාරීව කටයුතු කිරීමෙන් ප්‍රශ්න ගැටළු ඇතිවෙයි.

ධන ලාභ සහිතය. වැටුප් ලැබීම්, හදිසි වාසනා තත්ත්වයන් හිමිවීම, ණය තුරුස් ඇත්නම් ඒවායින් නිදහස් වීම් ආදියට හේතුය.

 

ගැටළු නිරාකරණය වෙයි. සිතට සැනසීමක් අත්විඳින්නට ලැබේ. බලාපොරොත්තු ක්‍රමයෙන් ඉටුවෙයි. බාධක ඉවත්වෙයි.

 

පීඩාකාරී දිනයකි. ආවේගශීලීව කටයුතු කිරීම තුලින් ප්‍රශ්න ගැටළු ඇතිවීමට හේතුය. ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය. ධනහානි, අනතුරු, අමනාපකම් වලට ඉඩතිබේ.

 

ලැබීම් සහගත දිනයකි. මිල මුදල් ලාභ, සතුට සැනසීම ආදිය ලැබේ. සිතට තිබූ පීඩාවන් දුරු වී යයි. ධනලාභ සහිතය.

 

රැකියා දියුණුව ඇතිකරයි. නව රැකියා ලැබීම් වලටත් සුබය. රැකියාවේ තනතුරු ලැබීම්, උසස්වීම් ආදිය පිලිබඳ උනන්දු වන්නටද යහපත් වෙයි.

 

ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424

 

තවත් පුවත්