A Brand of Non Media Shout (Private) Limited

ජපානය ප්‍රථම වරට පියාසර කරන මෝටර් රථයකට ආරක්‍ෂිත සහතිකයක් ලබා දෙයි

eVTOL පියාසර මෝටර් රථයක් සදහා ටෝකියෝ හි SkyDrive ආයතනය, ජපානයේ ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය (MLIT) විසින් ආරක්‍ෂිත සහතිකයක් ලබා ගෙන ඇති

මිතුරන් සමග ‌බෙදාගන්න

eVTOL පියාසර මෝටර් රථයක් සදහා ටෝකියෝ හි SkyDrive ආයතනය, ජපානයේ ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය (MLIT) විසින් ආරක්‍ෂිත සහතිකයක් ලබා ගෙන ඇති බව අනාවරණය කර ඇත.

SkyDrive සිය මුල් පියාසර මෝටර් රථ මූලාකෘතිය ලොවට ප්‍රථම වරට හෙළි කළේ 2018 දීය‍‍.

SkyDrive හි මෙම පියාඹන මෝටර් රථය SD-03 ලෙස හැඳින්වේ. එය මිනිත්තු 10 ක් දක්වා චාරිකා සඳහා පැයට සැතපුම් 30 (පැයට කිලෝමීටර 48) උපරිම වේගයකට ළඟා වේ.

ජපානයේ MLIT හි ආරක්‍ෂිත සහතිකය, සැලසුම, ව්‍යුහය, ශක්තිය සහ කාර්ය සාධනය, අවශ්‍ය ආරක්‍ෂාව සහ පාරිසරික අවශ්‍යතා සපුරාලන බව තහවුරු කරයි. සහතිකය පිරිනැමීම ගැන තමන් ඉතා සතුටට පත්වන බව පවසන සමාගම, සම්පූර්ණයෙන්ම ආරක්ෂිත සහ විශ්වාසදායක පියාඹන මෝටර් රථයක් සංවර්ධනය කිරීම සඳහා රජය සහ MLIT සමඟ සමීප හවුල්කාරිත්වයෙන් දිගටම කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

MLIT විසින් පියාඹන මෝටර් රථයක් සඳහා සහතිකය ලබා දුන් පළමු අවස්ථාව මෙය බවද සමාගම පවසයි. දැනට ජපානයේ කිලෝග්‍රෑම් 30ක බර පැටවීමේ ඩ්‍රෝන් සේවාවක් පවත්වාගෙන යන SkyDrive, ජපානයේ Osaka Bay ප්‍රදේශයේ SD-03 සමඟ පියාඹන කුලී රථ සේවාවක් දියත් කිරීමට ඉලක්ක කරයි.

තවත් පුවත්