ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය එරට ජනගහණය අධිකම ප්‍රාන්තය වෙයි.
මේ දිනවල එම ප්‍රාන්තයේ එක් දිස්ත්‍රික්කයකින් සිකා වෛරස ආසාදනය වූ 89 දෙනෙක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අතර ළමයින් 17 දෙනෙක් ද වන බව වාර්තා විය.
ඉන්දියාවෙන් පළමුවරට මෙම වෛරසයේ ආසාදිතයින් 2017 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වුණි.
මදුරුවන් මගින් බෝ වන මෙම රෝගය ගර්භනී මව්වරුන්ට වැලඳුණු පසු අලුත ඉපදෙන දරුවන්ගේ මොළය හැකිළෙන අතර ප්‍රතිශක්තිය අඩුකරන දුර්ලභ Guillain-Barre syndrome නම් රෝගී තත්ත්වයද ඇතිවෙයි.
එම වෛරසය ලිංගිකව ද සම්ප්‍රේෂණය වන බවට හඳුනාගෙන තිබේ.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම ආසාදිතයින් හමු වී ඇත්තේ පළමු වරටය. කාන්පූර් නගරයේ පළමුවරට ආසාදිතයෙක් හමුවී තිබුණේ ඔක්තෝබර් 23 වනදා ය.