ඉර උදාව – 6.00
ඉර බැසීම – 05.49
ස්‍රචණ නැකත පස්වරු 02.58 දක්වා බලපවත්වයි. ඉන්පසුව දෙනට නැකත උදාවෙයි.
රාහු කාලය – ප.ව 01.30 – 3.00
සුබ දිශාව – ඊසාන
මරු සිටින දිශාව – දකුණ
ආදායම් ලැබීම යහපත් වෙයි. රැකියා කටයුතු වල නව ආකාරයේ වෙනසක් සිදු වන්නට ඉඩ තිබේ. විදෙස්ගත වන්නට බලාපොරොත්තුවෙන් සිටි අයට තම බලාපොරොත්තු ඉටුකරගන්නට ලැබේ. ගෘහ ජීවිතය යහපත් වෙයි. සෞඛ්‍ය තත්වයද යහපත් වෙයි.
බලාපොරොත්තු ඉටුකරවන කාල සීමාවකි. වැඩිදියුණුව ඇතිකරයි. ගෘහ ජීවිතය තුල සතුට – සමගිය ඇතිවෙයි. ඉගෙනීමේ කටයුතු කරන අයටද තම කටයුතු වල සාර්ථකත්වය ඇතිකරයි. ප්‍රේම සබඳතා පිලිබඳ ගැටළු තිබූ අයට ඒවා විසඳෙයි.
කාර්යබහුල දිනයකි. මානසික පීඩාකාරී ස්වභාවයන් ඇතිකරයි. ආවේගශීලී වීම වැඩිවශයෙන් සිදුවෙන්නට, අන්‍යයන් නොරුස්සන්නට ඉඩතිබේ. ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. අධ්‍යාපන කටයුතු වල නිරත අයට සුබදායකයි. ගෘහ ජීවිතය තුල ගැටුම් ඇතිවන්නට හේතුය.
මංගල යෝග කාරක දිනයකි. සිතේ සතුට වර්ධනය වෙයි. ප්‍රේම සබඳතා ගැටළු විසඳෙයි. ව්‍යාපාර දියුණුව ඇතිවෙයි. විවාහ ජීවිතය සතුටින් – සමාදානයෙන් ගෙනයන්නට ලැබේ. ලෙඩරෝග අසනීප, සුවපත් වෙන අතට හැරේ. අධ්‍යාපන කටයුතු වලට තිබූ බාධා ඉවත්වෙයි.
හදිසි ලෙඩරෝග වැළඳීමේ ඉඩකඩක් පවතී. සෙම් රෝගපීඩා ඇතිවන්නට වැඩිපුර ඉඩක් පවතී. රැකිරක්ෂා කටයුතු වලට, දුර්වල සතුරු පීඩා කුමන්ත්‍රණ එල්ලවෙයි. විවාහය සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම් වන්නට සිතට ගත යුතුයි. ප්‍රේම සබඳතා බිඳී යන්නට හේතුයි.
ඉගෙනීමේ කටයුතු වල නිරතවූ අයට යහපත්ය. උසස් විභාග ආදියට සුබදායකයි. රැකිරක්ෂා කටයුතු වල නිරත වූ අයට තම කටයුතු සාර්ථකව කරගෙන යන්නට ලැබේ. සෙම්රෝග පපුව ආශ්‍රිත රෝග තිබූ අය ප්‍රවේසම් විය යුතුයි.
රැකියා සාර්ථකත්වය මෙන්ම ඉඩකඩම් දේපළ සම්බන්ධව තිබූ ගැටළු විසඳේ. මව් පාර්ශවයෙන් ලැබීම් සහිතයි. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ඉගෙනීමේ කටයුතු සඳහා තිබූ බාධක ඉවත්වෙයි.
මානසික පීඩා ගෙනදෙන දිනයකි. අන්‍යයන්, සමීපතමයින් සමග මතවාද ඇතිවන්නට ඉඩ තිබේ. සෙම් පීඩා තත්ත්වයන් ට හේතුයි. රැකියා කටයුතු වලදී කාර්යබහුල බවක් ඇතිවේ. අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. උසස් ඉගෙනීමේ කටයුතු, තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියට සුබදායකයි.
ධන ලාභ සහිත දිනයකි. හදිසි වාසනාව හිමිවීමේ ඉඩක් පවතී. ධනය වැයවීම පාලනය කර ගත යුතුයි. රැකියා කටයුතු වලට යහපත්ය. ගෘහ ජීවිතය තුල සතුට – සමගිය ඇතිකරවයි. බලාපොරොත්තු ඉටුවෙයි. ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයට යහපත් වෙයි.
තිබූ ගැටළු විසඳා ගන්නට හැකිවන දිනයකි. අධික කාර්යබහුල බවින් මිදෙන්නට ලැබේ. සිතට යම් සැනසිලිදායක බවක් අත්පත් කරවයි. ගෘහ ජීවිතය තුල සමගිසම්පන්න භාවය ඇතිවේ. අධ්‍යාපන කටයුතු වල නිරත අයට ධාරණ ශක්තිය ඇති කරවයි. තම අදාළ විෂය කොටස් සාර්ථකව සම්පූර්ණ කරන්නට ලැබේ.
බාධකාරී දිනයකි. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. අමතර වගකීම්, රාජකාරි පැවරෙන්නට ඉඩතිබේ. ඒ හේතුවෙන් ඔබ කාර්යබහුල වන්නට ඉඩ තිබේ. නිතර කේන්ති යයි. ගෘහ ජීවිතය තුල ගැටළු ඇතිවෙයි. අමනාප කම් ගොඩ නැගේ. අසනීප උත්සන්න වීමට හේතුයි.
ලැබීම් සඳහා සුබදායක දිනයකි. වාසනාවන්ත හමුවීම් සිදුවෙයි. රැකියා කටයුතු වල සුබදායක වෙනසක් සිදුවෙයි. විවාහ ආදි බලාපොරොත්තු ඉටුවේ. අධ්‍යාපන කටයුතු වලට සුබඵල උදාකරයි.
ඔබගේ සියලු ජ්‍යොතිෂය වැඩකටයුතු නිසියාකාරව කරවාගැනිම අමතන්න.
ප්‍රවීන ජෝතිර්‍යවේදිනි
ප්‍රසාදිනී නර්මදා
0712 – 151 424