A Brand of Non Media Shout (Private) Limited

මුතුරාජවෙල ගැසට්ටුවෙන් ජනතාව පදිංචි ප‍්‍රදේශ ඉවත් කරන්න – ජනපති නියෝග කරයි…

මුතුරාජවෙල රක්‍ෂිත සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් හඳුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප‍්‍රදේශ ඉන් ඉවත් කර රක්‍ෂිතය ආරක්‍ෂා කිරීමට

මිතුරන් සමග ‌බෙදාගන්න

මුතුරාජවෙල රක්‍ෂිත සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් හඳුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප‍්‍රදේශ ඉන් ඉවත් කර රක්‍ෂිතය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා පැවැසීය.

අදාළ ගැසට් පත‍්‍රය පිළිබඳව පවතින ගැටලූ විසඳීම සඳහා වූ සාකච්ඡුාවක් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ, පරිසර ඇමැති මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්‍ෂණ ඇමැති සී. බී. රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා යන ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (09දා) කොළඹදී පැවැති බවද ලාන්සා මහතා කීය.

මුතුරාජවෙල රක්‍ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ ගැසට් පත‍්‍රය හේතුවෙන් වත්තල, ජාඇල, මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි ජනතාවට බාධාවක් නොවන පරිදි මුතුරාජවෙල රක්‍ෂිතය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන නිසා මහජනතාව සහ ආගමික නායකයන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසද ලාන්සා මහතා වැඩිදුරටත් පැවැසීය.

තවත් පුවත්