අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරත නාවික හමුදා සහන කණ්ඩායම් පසුගිය පැය 48 තුළ (නොවැම්බර් 8 සිට 10 දක්වා) දිවයිනේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 288 දෙනෙකු බේරා ගැනීමට සමත් විය. එම පුද්ගලයින් බේරාගැනීමෙන් අනතුරුව නාවික හමුදාව ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර සහන සැලසීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව කළුතර පරගොඩ, රත්නපුර නව නගරය, ගාල්ල උඩමලත්ත, පාලවිය වනාතවිල්ලුව, එළුවන්කුලම, මන්නාරම පාර, කල්පිටිය, උඩුබද්දාව, තාරවිල්ලුව, කොටදෙණියාව, පුත්තලම, කුරුණෑරංගණය, රාජපුරඅංගණය, රජගල, ක්‍රඹේ යන ප්‍රදේශවල සහන කණ්ඩායම් 14ක් යොදවා ඇත. අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ, උතුරු මැද, වයඹ සහ සබරගමුව පළාත් ආවරණය කරමින්.
මේ අතර, ධාරානිපාත වර්ෂාවත් සමඟ කල්පිටියේ පාලවිය සහ කරඹේ යන ප්‍රදේශවල ගංවතුරෙන් විපතට පත් වූ පුද්ගලයින් 95 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ. එසේම, මාඔය පිටාර ගැලීමත් සමඟ ගිරිඋල්ල ප්‍රදේශයේ ගංවතුරට කොටු වී සිටි තවත් පුද්ගලයින් 77 දෙනෙකු කඩිනමින් ඉවත් කර ඇත. මීට අමතරව, කලාඔයේ සහ බත්තුළු ඔයේ ඉදිමුණු ජල කම්පනයත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් පුත්තලම වනාතවිල්ලුව, එළුවන්කුලම සහ තාරවිල්ලුව යන ප්‍රදේශවල ගංවතුරින් විපතට පත් වූවන් 93 දෙනෙකු වෙත නාවික හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කළේය. තවද, කරම්බලන්ඔය පිටාර ගැලීම හේතුවෙන් හදිසි ගංවතුර හේතුවෙන් විපතට පත් උඩුබද්දාව ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 23 දෙනෙකු ගංවතුර සහන සේවා මෙහෙයුම්වල නිරත නාවික පුද්ගලයින් විසින් නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත් විය. ඒ අනුව නාවික හමුදාව මේ වනවිට පුද්ගලයින් 288 දෙනෙකු ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
මේ අතර, අවශ්‍ය පරිදි කඩිනම් යෙදවීම සඳහා නාවික හමුදාව තවත් ගලවා ගැනීමේ සහ සහන කණ්ඩායම් 60ක් බස්නාහිර, නැගෙනහිර, දකුණ, වයඹ සහ උතුරු මැද නාවික ප්‍රදේශවල සුදානම් කර ඇත.