A Brand of Non Media Shout (Private) Limited

‘එකම රටක්, එකම නීතියක්’ කාර්ය සාධක බලකායට ත්‍රිපුද්ගලයින් පිරිසක් ජනාධිපතිවරයා විසින් පත් කරයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් එක් රටක්, එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායට සාමාජිකයින් තිදෙනෙකු පත් කර

මිතුරන් සමග ‌බෙදාගන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් එක් රටක්, එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායට සාමාජිකයින් තිදෙනෙකු පත් කර තිබේ.

නව සාමාජිකයින් වන්නේ රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේශ්වරී පටුගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා.

කාර්ය සාධක බළකායේ සාමාජිකයන් දෙදෙනකුගේ සංයුතිය හා සාමාජිකත්වය අත්හැරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පත් කිරීම සිදු කර ඇත.

ජනාධිපතිවරයා විසින් කාර්ය සාධක බලකායේ නියමයන් ද සංශෝධනය කර ඇත

“එකම රටක්, එකම නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් හා මතයන් සැලකිල්ලට ගනිමින් එම සංකල්පය අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඉතා සුදුසු සංකල්පීය රාමුවක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.

තවත් පුවත්