A Brand of Non Media Shout (Private) Limited

දියණිය නිදිකරවන්න සාකච්ඡාව නැවැත්වූ අගමැතිනිය….

ජෙසින්ඩා ආර්ඩ්න් කියන්නේ හරි අපූරු චරිතයක්. ඇය නවසීලන්ත ජනතාවගේ මෙන්ම ලෝකයේ හැම කෙනෙකුගේ ම ආදරයට පාත්‍රවූ කෙනෙක්. තම වගකීම් නිසි පරිදි ඉටු කිරීම මඟින්

මිතුරන් සමග ‌බෙදාගන්න

ජෙසින්ඩා ආර්ඩ්න් කියන්නේ හරි අපූරු චරිතයක්. ඇය නවසීලන්ත ජනතාවගේ මෙන්ම ලෝකයේ හැම කෙනෙකුගේ ම ආදරයට පාත්‍රවූ කෙනෙක්. තම වගකීම් නිසි පරිදි ඉටු කිරීම මඟින් ඇය ලොව සෑම නායකයෙකුටම ආදර්ශයක් වී තිබෙනවා. හැබැයි ඒ වගේම, ඇය තමන්ගේ පවුලටත් ප්‍රමුඛස්ථානය දෙන්න අමතක කරන්නේ නෑ. පසුගිය දවසක ඇය සජීවී සාකච්ඡාවකට ෆේස්බුක් හරහා එක් වී සිටියා.

ඒ අතරේ ඇගේ සිඟිති දියණිය ඇවිත් තම මව නැතුව නිදාගන්න බෑ කියලා හරිම ආදරණීය විදියට කියනවා. ඊට පස්සේ අගමැතිනී ජෙසින්ඩා, ඇයව සනසවලා ආච්චි සමඟ නිදාගන්න යන්න කියලා කියනවා. ආපහු සාකච්ඡාව යන අතරේ, නැවත වතාවක් දියණියගේ කාමරෙන් දියණියගේ හඬ ඇහෙනවා. පුංචි පැටික්කිය ආපහු තමන්ගේ අම්මාගෙන් අහන්නේ “දැන්ම එන්නේ නැද්ද අම්මේ…. තව වෙලා යාවිද?” කියලා. “නවසීලන්තේ අගමැතිනිය වුණත් දුව නිදිකරවන වෙලාවට නිදිකරවන්න වෙනවා” කියලා ජෙසින්ඩා අගමැතිනිය සාකච්ඡාව නවත්වලා දුව නිදි කරවන්න යනවා. මේ අපූරු සිදුවීම සමාජ මාධ්‍ය වගේම, විදෙස් මාධ්‍ය වලත් නෙත ගැටුණු හරිම අපූරු සිදුවීමක් වුණා

තවත් පුවත්