ආසියානු රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් මෙම මස 19 සහ 20 යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ඊයේ (11දා) නම් කළේය.
අසෝක ජයසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ජාතික රග්බි තෝරා ගැනීමේ කමිටුව විසින් නම් කර ඇති මෙම කණ්ඩායමට අයත් සාමාජිකයින් සංඛ්‍යාව 12 දෙනෙකි.
පසුගිය මස 30 සහ 31 කොළඹ තිඹිරිගස්යායේ පිහිටි පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේ දී පවත්වන ලද ‘වොරියර් අභියෝග කුසලාන’ ක‍්‍රීඩා සමාජය සත් සාමාජික තරගාවලියේ දී සහ ඉන් අනතුරුව ක‍්‍රියාත්මක කරන ලද ජාතික සත් සාමාජික පුහුණු සංචිතයේදී ප‍්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම කණ්ඩායම් නම් කර තිබේ.
මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා ජාතික සත් සාමාජික පිල මෙහෙයවීමේ වරම අධීෂ වීරතුංගට හිමි වී තිබේ. කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අධීෂ වීරතුංග ශී‍්‍ර ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් දේශීය රග්බි පාපන්දු කෙළිබිමේ දස්කම් පාන්නෙකි.
සත් සාමාජික පිරිමි කණ්ඩායම
අධීෂ වීරතුංග (නායක), සැමුවෙල් ඔගෙබෙබෝර්, කාංචන රාමනායක, අංජුල හෙට්ටිආරච්චි, කුෂාන් ඉඳුනිල්, සුධාරක දික්කුඹුර, ඉරෝෂන් සිල්වා, ඉෂාර මධුෂාන්, ජනිදු ඩිල්ශාන්, නුවන් පෙරේරා, නිශෝන් පෙරේරා සහ සචින් සිල්වා.