කණ්ඩායම් 16කින් ආරම්භ වූ 2021 ICC T20 ලෝක කුසලානය දැන් තරග 44කට පසුව අවසන් තරගය ඉතිරිව ඇත. 2021 ICC T20 ලෝක කුසලානයෙ අවසන් තරගය සදහා, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තේරීපත් වී ඇත.
නවසීලන්තය පිරිමි විස්සයි20 ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි. ඔස්ට්‍රේලියාව 2010 වසරේ අනුශූරයන් විය. කෙසේ වෙතත්, නොවැම්බර් 14 වන දින පළමු වරට ජයග්‍රාහකයෙකු කිරුළු පළඳිනු ඇත.
කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයේ දී දර්ශනීය හඹා යෑම්වලින් පසු අවසන් තරගයට පිවිසියේ, ශ්‍රේණිගත කිරීම්වල අංක 1 සහ අංක 2 හි සිටි ප්‍රතිවාදීන්ට එරෙහිව පැමිණෙමිනි.
කණ්ඩායම් දෙකම අවසන් වරට මුණගැසුණේ 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරඟයේදී වන අතර ඕස්ට්‍රේලියාව එහි ජයග්‍රහණය අත්කර ගත්තේය. එතැන් සිට, නවසීලන්තය 2019 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පැමිණ ඇති අතර, එහිදී ඔවුන් එංගලන්තයට පරාජය වූ අතර 2021 දී ICC ටෙස්ට් ශූරතාවලිය සඳහා ඉන්දියාව පරාජය කළේය.
කණ්ඩායම්
නවසීලන්තය
සංචිතය: කේන් විලියම්සන්, ටොඩ් ඇස්ට්ල්, ට්‍රෙන්ට් බෝල්ට්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ඇඩම් මිල්න්, මාටින් ගප්ටිල්, කයිල් ජේමිසන්, ඩැරල් මිචෙල්, ජිමී නීෂාම්, ග්ලෙන් ෆිලිප්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සීෆර්ට්, ඉෂ් සෝදි, ටිම් සවුති
අවසන් තරගයට ආ මාර්ගය:
නවසීලන්තය සිය ආරම්භක තරගය පාකිස්තානයට එරෙහිව පරාජය වීමෙන් පසුව කිසිදු තරගයක් පරාජය නොවී තරඟාවලිය පුරා විනයගරුකව හා ස්ථාවරව රැදී සිටියේය. ඔවුන්ගේ පන්දු යැවීම තරගාවලියේ හොඳම පන්දු යැවීමයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්වයන්ට හොඳින් හැඩගැසෙමින්, නායක කේන් විලියම්සන් විසින් තම කණ්ඩායම දක්ෂ ලෙස මෙහෙයවා ඇත.
ඕස්ට්‍රේලියාව
සංචිතය: ආරොන් ෆින්ච්, ඇෂ්ටන් ඒගාර්, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මිචෙල් ස්වෙප්සන්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා
අවසන් තරගයට ආ මාර්ගය: ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට එරෙහිව තියුණු ජයග්‍රහණයක් සමඟින් තරඟාවලිය ආරම්භ කළ නමුත් ඉන් තරග දෙකකට පසුව එංගලන්තය විසින් පරාජය කරන ලදී. කෙසේ වෙතත්, සුපරි 12 අදියරේ අනෙකුත් තරග වලින් ලද විශාල ජයග්‍රහණ ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය ඉහළ නැංවූ අතර ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසියේය. පකිස්ථානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමග අවසන් මහා තරගයට පිවිසියේය.
අතිරේක දිනය
අවසන් මහා තරගය සඳහා අතිරේක දිනයක් වෙන් කර ඇත. අවශ්‍ය ඕනෑම ඕවර අඩුකිරීමක් සමඟ නියමිත දිනට තරගය අවසන් කිරීමට සෑම උත්සාහයක්ම දරනු ඇත. තරගයක් පැවැත්වීමට අවශ්‍ය අවම ඕවර සංඛ්‍යාව (දෙවන පන්දුවට පහර දෙන පැත්තට ඕවර 10) නියමිත දිනයේ යැවීමට නොහැකි වුවහොත් පමණක් අතිරේක දිනයේදී තරගය අවසන් කරනු ලැබේ.
නියමිත දිනයේ තරගය ආරම්භ වී බාධාවකින් ඕවර අඩු කර වැඩිදුර ක්‍රීඩා කළ නොහැකි නම්, අවසන් පන්දුවේ සිට යලිත් වරක් අතිරේක දිනයේදී තරගය නැවත ආරම්භ වේ.
ලකුණු සම තත්ත්වයකදී
අවසන් තරගය සම වුවහොත් සුපිරි ඕවරයක් ක්‍රීඩා කෙරේ. සුපිරි ඕවරය සම වුවහොත්, ජයග්‍රාහකයෙකු ලැබෙන තෙක් ඊළඟ සුපිරි ඕවර ක්‍රීඩා කරනු ලැබේ. සුවිශේෂී තත්වයන් ඇති නොවේ නම්, ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා අසීමිත සුපිරි ඕවර ගණනක් ක්‍රීඩා කළ යුතුය.
සම තත්ත්වයකින් පසුව, කාලගුණික තත්ත්වයන් සුපිරි ඕවරය සම්පූර්ණ කිරීම වළක්වන්නේ නම්, හෝ තරගය අතහැර දැමුවහොත් හෝ ප්‍රතිඵලයක් නොලැබුණහොත්, කණ්ඩායම් ඒකාබද්ධ ජයග්‍රාහකයන් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
තරඟ නිලධාරීන්
පිටියේ විනිසුරුවන්: Marais Erasmus සහ Richard Kettleborough
රූපවාහිනී විනිසුරු: නිතින් මෙනන්
තරග තීරක: රන්ජන් මඩුගල්ල
සිවුවැනි විනිසුරු: කුමාර් ධර්මසේන
පරිවර්තනය: t20worldcup.com