දුම්වැටියක මිල රු.5 කින් වැඩි කිරීමට සහ සුරා බදු වැඩි කිරීම හරහා රු. බිලියන 25 ක අතිරේක ආදායමක් උපයා ගැනීමටත් මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.
ඒ අනුව දේශීය මත්පැන් බෝතලයක් මිල රුපියල් 96කින් සහ විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 126කින් ඉහල යනු ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම තල් සහ පොල් අරක්කු බෝතලයක මිල රුපියල් 103කින් ඉහල දමා තිබෙනවා.
වයින් බෝතලයක මිල රුපියල් 14කින් සහ බියර් කෑන් එකක මිල (සැර 5% අඩු ) රුපියල් තුනකින්ද සැර 5% වැඩි බියර් කෑන් එකක මිල රුපියල් 14කින්ද ඉහල දමා තිබෙනවා.(ninenews.lk)