ඉන්දියානු අගනුවරවන නව දිල්ලියෙහි වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව බලධාරින් පවසනවා.
මෙම වායු දූෂණ තත්වය හේතුවෙන් PM2.5 ලෙස හැදින්වෙන විශ අංශු ප්‍රභේදයක් පරිසරයට නිකුත් වන බව පරිසර විද්‍යා පර්යේෂකයින් පෙන්වා දෙනවා.
නව දිල්ලි නගරය ආශ්‍රිතව ශ්‍රී ලාංකිකයෝද සැළකිය යුතු පිරිසක් වාසය කරන අතර මෙම තත්ත්වය නිසා ඔවුන්ද දැඩි පීඩාවට පත්ව සිටිනවා.
පසුගිය ලොක්ඩවුන් කාලසීමාව තුළත් වායු දූෂණයට නිරාවරණය වීම හේතුවෙන් දිල්ලි වැසියන් 57 000 ක් අකාලයේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.