A Brand of Non Media Shout (Private) Limited

කාබනික පොහොර ගොවීන්ට නොමිලේ….

ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (12 දා) පැවැති කැබිනට් මණ්ඩල විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මිතුරන් සමග ‌බෙදාගන්න

ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (12 දා) පැවැති කැබිනට් මණ්ඩල විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමට ගොවීන් සඳහා රජය විසින් රුපියල් 12,500 බැගින් මුදල් ලබාදීමට පියවර ගෙන තිබුණත්, එම මුදල් ලබාගත් ගොවීන් ඉන් නිසි ප‍්‍රයෝජන නොගැනීම නිසා රජය විසින් නොමිලේ කාබනික පොහොර ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ගොවීන්ට අවශ්‍ය දේශීය කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නොමිලේ නිකුත් කෙරෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

තවත් පුවත්