A Brand of Non Media Shout (Private) Limited

බඩුමිල ඉහල යාම ඉදිරියටත් සිදුවනවා – මහින්ද අමරවීර…

බඩුමිල ඉහල යාම ඉදිරියටත් සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ තත්ත්වයට ජනතාව හුරුවිය යුතු බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව කැපකිරීම් සිදුකිරීමට

මිතුරන් සමග ‌බෙදාගන්න

බඩුමිල ඉහල යාම ඉදිරියටත් සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ තත්ත්වයට ජනතාව හුරුවිය යුතු බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව කැපකිරීම් සිදුකිරීමට සුදානම් විය යුතු බවයි.

අද (14) පෙරවරුවේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

“දැන් අද එක්කෙනෙක් හම්බකරලා ජීවත්වෙන්න විදියක් නැහැ දැන් මහත්තයා විතරක් රස්සාවට ගියා මහත්තයා විතරක් කුඹුරේ වැඩ කලා ඒ නිසා එකෙන් මුළු පවුලක් ජිවත් කරන්න ඉන්නවානම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.මේ බඩු මිල මේ තරම් වේගයෙන් ඉහල යන අවස්ථා බොහොම කලාතුරකින් ඇතිවන්නේ.මේක ලෝක ජනතාවට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන කාරණයක්.දැන් අපට මේකට දිගටම මුහුණ දෙන්න වෙනවා.හෙට අනිද්දා ඉවරවෙනවා කියලා හිතන්න බැහැ.ලබන අවුරුද්ද වෙනකොට ලෝක ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.තෙරුම් ගන්න ඕනේ ආණ්ඩුවට බැන බැන හිටියට බඩගින්න නැතිවෙන්නෙත් නැහැ අවශ්‍යතා නැතිවෙන්නෙත් නැහැ.ආණ්ඩුවට බනින බව අපි දන්නවා.කරන්න දේකුත් නැහැ මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒ නිසා තමුන්නාන්සේලා ඒ වෙනුවෙන් සුදානම් විය යුතුයි.ඒ වෙනුවෙන් කැපකරන්න වෙනවා.”

තවත් පුවත්