A Brand of Non Media Shout (Private) Limited

ගුරු-විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි..

පසුගිය ජූලි 12 වැනි දින සිට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමර්ග ලබන ජනවාරි 20 වැනිදා දක්වා අත්හිටුවීමට අද

මිතුරන් සමග ‌බෙදාගන්න

පසුගිය ජූලි 12 වැනි දින සිට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමර්ග ලබන ජනවාරි 20 වැනිදා දක්වා අත්හිටුවීමට අද (14) පැවැත්වුණු ගුරු විදුහල්පති නියෝජිත සමුළුවේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

2022 අයවැය මඟින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සම්බන්ධව ප්‍රතිපාදන වෙන් කර තිබීම ඊට හේතුවයි.

2022 අයවැය යෝජනාව හා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනෙකුත් යෝජනා ක්‍රියාත්මක කරනවා ගැනීමටද කටයුතු කිරීම සදහා අද පැවති සමුළුවේදී යෝජනා සම්මත කර තිබෙනවා.

ගුරු විදුහල්පති නියෝජිත සමුළුවේදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ ජනවාරි 20 තෙක් වෘත්තීය ක්‍රියාමර්ග අත්හිටවනු ලැබුවේ එම මස වැටුප ලැබෙන්නේ එදිනට වන බැවින් ප්‍රකාශ කර තිබෙන පරිදි එම වැටුප නොලැබුණහොත් යළි වෘත්තීය සමිති ක්‍රියාමර්ග වලට යොමු වන බවයි.

තවත් පුවත්