අපි අද කතා කරන්නේ Music Industry එක පැත්තෙන් නිහඬව වැඩ පෙන්නන නව පරපුරේ Artist කෙනෙක් එක්ක. ඒ තමයි සජිත් අක්මීමන ඉතින් Nine News අපි සජිත් අක්මීමනගේ ජිවිතේ රස මුසු තැන් ටිකක් අහලා බැලුවා.
කවුද මේ සජිත් අක්මීමන කියන්නේ ?
මම හිතනවා ගායකයෙක්, පද රචකයෙක්, Video අධ්‍යක්ෂවරයෙක් කියන මේ හැමදේයකින්ම මාව හදුන්වන්න පුලුවන් කියලා.
සංගීත ගමන ආරම්භ කරේ මොන කාලේ වගේද ?
මම A/L කරන කාලේ මුලින්ම Music Band එකක් පටන්ගත්තා. “Silent” කියලා මමයි නම දැන්මේ Band එකේ, හැබැයි Band කරද්දි ගොඩක්ම අනිත් අයගේ සිංදූනේ කියන්නේ, මට ඔනේ වුනේ ම් සිංුවක් කරන්න ඒක නිසා මම මුලින්ම මගේම කියලා 2007 දී සිංදුවක් කලා එතනින් තමයි මම හිතන්නේ මම මගේ Music Life එක පටන් ගන්නේ.
Lyrics Whiter කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නේ මොන කාලේද ?
ඇත්තටම මම මුලින්ම ආස වුනේ ගායකයෙක් විදිහට මාව හදුන්වනවට, හැබැයි පස්සේ කාලෙලෙමට තේරුම් ගියා මට ඊට වැඩිය හැකියාවක් තියෙනවා සිංදූ ලියන්න කියලා. මොකද මටම සිංදූවක් ලියාගන්න කෙනෙක් හොයද්දි මට හම්බ වුනේ නැහැ. ඒ කියන්නේ ලියාගන්න කට්ටිය හිටියට සල්ලි තිබ්බේ නැහැ. ඒක නිසා මම ලියන්න ගත්තා. මට හිතුනා මං ලියන එක හොදයි කියලා සහ මට හිතුනා මට ඒ පැත්තේන් හැකියාවක් ඇති කියලා.
සජිත් අක්මීමන දැන් වෙනකොට සිංදු කියනවට වඩා සිංදු ලියලා තියෙනවා ඒ ලියපු සිංදූ අතරින් වැඩියෙන්ම ජනප්‍රිය වුන සිංදුව මොකක්ද ?
එකක් කියලා කියන්න අමාරුයි මුලින්ම කියන්න ඔනේ “මංදාකිනි” සිංදුව රොමේෂ් සුගතපාල අයියාගේ ඊට පස්සේ “සංසාරනි” යසස් මැදගෙදරගේ ඊටත් පස්සේ මම ලිව්වා “කෝ ආදරේ” සිංදුව. ඒක Master D, K Mac, DKM කියන අය තමා Rap කරන්නේ. ඒ සිංදුවේ මම පේළි 4 ලිව්වේ ඒ කොරස් කැල්ල, ඒ සිංදුව 3 Million වගේ Youtube Platform එකේ ගියා ඒ කොරස් කැල්ල ජනප්‍රිය වුනා.තව කිව්වොත් “සම්මානී” ඉරාජ් වීරරතනට ලිව්වා “සාවී, නිම්නාවියේ, රාගිනි” ඒ සිංදුත් මම ලියපු Hit ම සිංදුවලට ඇතුලත් කරන්න පුලුවන්.
මේ වෙනකොට 2007 සිට 2021 දක්වා ගීත කියක් ගායනා කරලා තියෙනවද ?
ගීත නම් 4ක් වගේ කරා හැබැයි ගොඩක් අය දන්නේ “කලු ආදරේ” කියන ගීතය.
මේ වෙනකොට ඔබ Music Videos කියක් අධ්‍යක්ෂනය ( Produce ) කරලා තියෙනවද ?
හරියටම කිව්වොත් මගේ “පාපා Films” කියන Brand එකෙන් Music Video 20 අධ්‍යක්ෂනය (Produce) කරලා තියෙනවා.
අපි දැක්කා කාලයක් Youtube Presenter කෙනෙක් හැටියට Noize Tv Youtube එකේ Programms වගයක් කරනවා මොකද දැන් දැන් පේන්න නැත්තේ ?
ඇත්තටම කිව්වොත් මට එතන පුටුවේ වාඩි වුනාම තමයි තේරුණේ නිවේදකයෙක් කියන්නේ මොනතරම් වගකීමක් තියෙන සහ කොච්චර වැඩ්ඩෙක්ද කියලා. මොකද මම එතනට ගියාම මට තිබුණු බය සහ මගේ නොහැකියාව වහගෙන මම නිවේදකයෙක් ලෙස වැඩ කරා කිව්වොත් හරි මොකද මට එහෙම ලොකූ නිවේදන හැකියාවක් නැහැ, එත් ඒ වැඩසටහන ගොඩාක් ජනප්‍රිය උනා මිනිස්සු අතරට ගියා.
Noize Tv Youtube Channel එකෙන් අයින් වුනේ ඒ නිසාමද?
නැහැ ඒ නිසාම නෙමෙයි. 2019 දී පාස්කු ප්‍රහාරයක් සමග අපිට හිතුනා මේ වැඩේ හරි යන්නේ නැහැ මොකද ඒ වෙලාවේ මුළු ලංකාවම කම්පාවට පත් වෙලා හිටියේ සිදුවෙච්ච විනාශය ගැන. ඒ වෙලාවේ ආතල් වැඩ කරලා හරි යන්නේ නැහැ කියලා අපිට හිතුනා. ඒකත් එක්ක අපේ Focus එක වෙනස් වුනා. දැන් ඔනේ නම් පටන් ගන්න පුලුවන්. ඒත් දැන් ඒකට කට්ටිය ඔනේ තරම් ඉන්න නිසා මං දැන් පැත්තකට වෙලා ඉන්නවා.
මොකද හිතන්නේ ලංකාවේ Music Industry එක ගැන
මේ Industry එක දවසින් දවස වෙනස් වෙනවා. එක එක Trends එනවා, අලුත් ගායකයෝ එනවා, ගායිකාවෝ එනවා, අලුත් සිංදූ ලියන කට්ටිය එනවා, ඒක හොදයි. හැබැයි මම පුද්ගලිකව අකමැති දෙයක් තමයි Cover Songs ලංකාවේ නිර්මාණය වෙනවා වැඩියි. මේ කාලේ ඒ නිසා මම කැමති ඕනෙම කෙනෙක් තමන්ගේම නිර්මාණය කරලා Music Industry එකට එනවනම්. Cover Song නිර්මාණය වෙන්න ඔනේ හැබැයි මේක දිගින් දිගටම ගියොත් Music Industry එකට කරන අපරාධයක් වෙනවා.
Music Industry එකේ ඉස්සරහට සජිත් අක්මීමන කරන්න ඉන්න වැඩ මොනාද ?
මුලින්ම එන්න තියෙන්නේ මම ලියපු සිංදුව තමයි “සූදු කෙළිය” කියන සිංදුව ඊට පස්සේ, මම, යසස් මැදගෙදර සහ Zany Inzane අපි තුන් දෙනාගේ සිංදුවක් එන්න තියෙනවා. එකට Lil Hazi කියලා කෙනෙකුත් Sing කරනවා. ඒ සිංදුවේ නම “සංකාවේ” තව මගේ මල්ලී කනිෂ්ක අක්මීමන එයාගෙත් සිංදූවක් එන්න තියෙනවා ඒ ටික තමයි දැනට, මේ අවුරුද්දේ අන්තිම සහ 2022 අවුරුද්දේ මුල එන්න තියෙන්න.
ඉතින් එහෙමයි සජිත් අක්මීමන Nine News අපි සමග ඔහුගේ රස මුසු තැන් බෙදා ගත්තේ අපි සුභ පතනවා අනාගතයේ කරන සියලු වැඩ කටයුතු සාර්ථක වෙලා නව නිර්මාණ ගොඩක් කරන්න ලැබෙන්න කියලා.
Article : Nine News අපි