2021 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත්වුණා
ඒ නවසීලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශුරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.
මිට පෙර 2010 වසරේදී ඔවුන් එංගලන්තය හමුවේ අනුශුරයින් බවට පත්ව තිබුණා.
අද (14) තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 04 දැවී ලකුණු 172 ලබාගත්තා.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ කෙන් විලියම්සන් පන්දු 48 කදී ලකුණු 85ක් රැස්කළා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් ඇතුලත්.
මාටින් ගප්ටිල් 28යි.
පන්දු යැවීමේදී ජෝෂ් හැසල්වුඩ් කඩුලු තුනක් දවාගත්තා.
ජයග්‍රහණය සදහා ලකුණු 173 ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු දෙකක් දැවී දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
ඩේවිඩ් වෝර්නර් ලකුණු 53යි.
මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77යි.
පන්දුයැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තා.