ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා චීන ජනපති ෂී ජින්පින් අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතයි.
එම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර දෙරට අතර යහපත් සම්බන්ධතා ඇති කර ගැනීම සාකච්ඡාවේ අරමුණයි.
කාලන්තරයක් තිස්සේ ඇමෙරිකාව හා චීනය අතර යුධමය වාතාවරණයක් පැවතුණද මෑත කාල සීමාවක සිට ඇමෙරිකාව හා චීනය සහයෝගී පිළිවෙතක් අනුගමනය කිරීම විශේෂත්වයක්.
කෝප් 26 සමුළුවේදී ඇමෙරිකාව හා චීනය කාබන් විමෝචනය කිරීමට සහයෝගයෙන් වැඩ කිරීමට එකඟ වීම ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වූ කරුණක්.
අද (15) පැවැත්වෙන සාකච්ඡාවේදී තායිවාන අර්බුදය, මානව හිමිකම් හා රාජ්‍ය තාන්ත්‍රික ගැටළු පිළිබදවත් පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.