A Brand of Non Media Shout (Private) Limited

දිවයින පුරා යලිත් කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් – උපුල් රෝහණ..

යලිත් කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ සති අන්තවල මෙන්ම අනෙකුත් දිනවලත් ජනතාව

මිතුරන් සමග ‌බෙදාගන්න

යලිත් කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ සති අන්තවල මෙන්ම අනෙකුත් දිනවලත් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිලිනොපදිමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බවයි.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නතේ ප්‍රතිශක්තිය අඩුවෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 695ක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන දැක්වෙන්නේ 551542ක් ලෙසයි.

පසුගිය 13 වැනිදා සිදුවූ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කරනු ලැබුවා.

එම මරණ 23ත් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ ගන්න 13995ක් දක්වා ඉහල ගියා.

හලාවත – ජූඩ් සමන්ත

තවත් පුවත්