ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය රටට අහිතකර, ජනතාවට පීඩාවට පත් කරන ප්‍රකාශයක් බව ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගම් කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ ආනන්ද පාලිත මහතා.
“ඇමතිගේ කතාවෙම් තේරෙන්නේ ඇමතිට තෙල් සංස්ථාවේ පියන් කෙනෙක්ගේ දැනුම වත් නෑ. නැත්නම් දැනුම තිබියදීත් බොරු කියනවා.වැරදි ආකාරයට බොර තෙල් ගෙන්වාගන්න ගිහිල්ලයි මේ අර්බුදය ඇති වී තිබෙන්නේ.නියමිත ක්‍රමවේදයට අනුව බොරතෙල් ගෙන්වීමට කටයුතු නොකල නිසයි ඊයේ තෙල් පිරිපහදුව වහන්න සිදු උනේ.මේ ඇමති එන්න කලින් හිටපු ඇමති වරු හරියට වැඩේ කලා.ඇමතිට වඩා අපි මේක ගැන දන්නවා.ඕනෑම නීති ක්‍රියාමාර්ග ගන්න අපි කියන්නේ ඇත්ත.පිරිපහදුව වැහුවේ නැහැ.වැස්සෙව්වා.ඇමති කියන විදියට තිබෙන තෙල් දින 16 න් ඉවර වෙන්න ඕන. නමුත් දින 50 කට මේක වහනවා.අපිට දැනට විදේශ විනිමය එන එකම ක්‍රමය තමයි විදේශ ගුවන් යානා වලට ඉන්දන ලබා දීම.නමුත් මේක හරහා ඒ විදේශ විනිමය අහිමි වෙනවා.ඩොලර් සොයා ගැනීම බිදවට්ටවා තිබෙනවා.බොර තෙලෙන් හදනවාට වඩා වැඩි පුර ගෙවා ඉන්දන ගෙන්වීමට දැන් සිදු වෙනවා.මෙට්‍රික් ටොන් 3000 ක් වැඩිපුර ගැස් ගෙන්වන්නත් ගෑස් සමාගම් වලට සිදු වෙනවා. එතකොට තවත් ඩොලර් වැඩිපුර පිටරටට යනවා.ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ක් වැඩි පුර ගෙන්වන්නත් වෙනවා.පිරිපහදු තෙල් ගන්නකොට කොමිස් කුට්ටි එනවා. ඔන්න ඕක තමයි මේකට හේතුව.ඇමති හදන්නේ කබරගොයා තලගොයා කරගන්නයි.තවසති 3 කින් මාධ්‍ය හමුවක් තියලා ඇමති කියයි දැන් නම් වියදම වැඩි වෙලා ඒ නිසා ඉන්දන මිලවැඩි කරන්න වෙනවා කියලා.මේ ඇමති නිකන් නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගේ.විවෘත ටෙන්ඩරයකින් තොරව ඉන්දන ගෙන්වීමට නයිජීරියානු සමාගමකට ලබා දුන්නේ කෙසේ දැයි අපි අහනවා.මේ යන විදියට ඉන්දන හිගයක් ඇති වෙන්නේ නැද්ද කියලා අපි අහනවා.අද වන විට ඉන්දන පිරවුම් හල් වල ඉන්දන නෑ.ඉදිරි අර්බුදය නිසා ඉන්දන බෙදන්නේ සීමා කරලා.ඒ නිසයි ඉන්දන පිරවුම් හල් වල ඉන්දන නැත්තේ ජනාධිපති ගේ තීන්දු තීරණ ගැනීමත් ඉතාම දුර්වලයි.16 වෙනිදා එනම් අද විරෝධතාවක් කැදවා තිබෙනවා. විපක්ෂනායක තුමා මේක කැදෙව්වේ ජනතාව මේ මොහොතේ පත් වීතිබෙන අපහසුතාවට එරෙහිවයි ජනතාව වෙනුවෙන්.දැන් ජන ගගක් කොළඹට එනවා කියන එක දැනගෙන ඒක මර්ධනය කරන්න පොලීසිය පාරට දාලා.මාව මගදී තැන් තුනක පරීක්ෂා කලා.ගුරු විරෝධතාව එතරම් දුර දිග ගියේ මර්ධනය නිසයි.ඒ නිසා මේ කරන මර්ධනය නිසා මේ අරගලය තව දුරටත් ඉදිරියට යනවා.අපි අපේ අරගලය විරෝධතාව සිදු කරයි.මර්ධනය නොකර මේකට ඉඩ ලබා දිය යුතුයි. රොෂේන් චානක මැරුවෙන් මේ වගේම සටනකදී.මොනවා කලත් අපි අපේ සටන සිදු කරනවා.”