A Brand of Non Media Shout (Private) Limited

පෞද්ගලික අංශ සේවකයන් – 55න් විශ‍්‍රාම යනවා නම් ඊපීඑෆ් ගන්න පුළුවන් – කම්කරු කොමසාරිස් ජනරාල්

පෞද්ගලික අංශයේ සේවකයන් වයස අවුරුදු 55 සම්පූර්ණ වී සේවය අවසන් කරන්නේ නම් ඔවුන්ට හිමි සේවක ආර්ථ සාධක අරමුදලේ ප‍්‍රතිලාභ ලබාගත හැකි බව කම්කරු කොමසාරිස්

මිතුරන් සමග ‌බෙදාගන්න

පෞද්ගලික අංශයේ සේවකයන් වයස අවුරුදු 55 සම්පූර්ණ වී සේවය අවසන් කරන්නේ නම් ඔවුන්ට හිමි සේවක ආර්ථ සාධක අරමුදලේ ප‍්‍රතිලාභ ලබාගත හැකි බව කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවැසීය.

පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑම අවුරුදු 55 සිට 60 දක්වා දික්කරනු ලැබුවත් යම් සේවකයෙක් අවුරුදු 55න් විශ‍්‍රාම යන්නේ නම් ඔහුට හිමි සේවක අර්ථසාධක අරමුදල් (ඊපීඑෆ්) ලබා ගැනීමට මෙතෙක් තිබූ හැකියාව ඒ අයුරින්ම තබා එම පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ බවද හෙතෙම කීය.

මෙම පනතට අනුව දැනට අවුරුදු 51 හෝ ඊට අඩු සහ නව බඳවා ගැනීම් කරන සේවක පිරිස් සඳහා අවුරුදු 60 දක්වා සේවය කිරීමට හැකියාව පවතින බවද ඔහු කීය. නව පනතට අනුව අවුරුදු 60 දක්වා සේවය කිරීමට නීතිමය බලයක් හිමිවන බවත් යම් සේවකයෙකු ඊට පෙර විශ‍්‍රාම ගන්වනවා නම් දැනට පවතින ආකාරයට රජයේ වෛද්‍ය මණ්ඩලයක අනුමැතිය ලබාගත යුතු බවද චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පැවැසීය.

තවත් පුවත්