A Brand of Non Media Shout (Private) Limited

” IMF ලෝන් ගන්න යන්න ඕන නෑ.. කංසා නීතිගත කරමු” – ඩයනා

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස් කර ගත හැකි බව මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය පවසයි. මන්ත්‍රීවරිය අද

මිතුරන් සමග ‌බෙදාගන්න

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස් කර ගත හැකි බව මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය පවසයි.

මන්ත්‍රීවරිය අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීම සඳහාත් මෙම යෝජනාව උපකාරී වනු ඇති බවයි.

මීට පෙර පැවති තේ, රබර්, පොල් වාණිජ භෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ අවකාශය අහිමිව ඇති වටපිටාවක් තුළ ස්වභාව ධාර්මයෙන් ලබා දී ඇති කංසා වගාව රට තුළ නීතිගත කර අපනයනයට මෙය කදිම අවස්ථාවක් වන බව ද ඇය සඳහන් කළා ය.

මෙහිදී මන්ත්‍රීවරිය කංසා අපනයෙන් ආදයම් ලබන ලොව අනෙකුත් රටවල් පිළිබඳ දත්ත ද ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා ය.

කංසා වාණිජ භෝගයක් ලෙස වගා කර අපනයනය කිරීම හරහා තවදුරටත් අන්තර්ජාතික මූල්‍ය අයතනවලින් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවනු ඇති බව ද ඇය පැවසුවා ය.

මන්ත්‍රීවරිය සඳහන් කළේ, ලෝකයේ කංසා යොදා ගනිමින් විවිධ නිෂ්පාදන සිදු කරන බවත් එලෙස නිෂ්පාදනය කළ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග, දත් බෙහෙත් , දත් බුරුසු වැනි දේ සභාවට පෙන්වීම සඳහා රැගෙන ආව ද නීත්‍යනුකූල නොවන බැවින් ඒවා සභා ගර්භය තුළට ගෙන ඒමට තමන්ට අවසර නොලැබුණු බවත් ය.

”අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ.  කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ . ස්වභාව ධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා නීතිගත කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයා ගත යුතුයි”

රාජ්‍ය අනුග්‍රය ඇතිව කංසා වගාවක් ලෙස නීතිගත කර අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන ආ හැකි බව සඳහන් කළ මන්ත්‍රීවරිය කියා සිටියේ, ඒ සඳහා ඇති එකම බාධයක වන බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් පනවන ලද ආඥා පනත අහෝසි කළ යුතු බවයි.

 

තවත් පුවත්