නොවැම්බර් 28 සිට දහම් පාසල් යළි විවෘතයි..

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ලබන නොවැම්බර් 28 වැනි දා සිට දහම් පාසල් යළි විවෘත කළ හැකි බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්

මිතුරන් සමග ‌බෙදාගන්න

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ලබන නොවැම්බර් 28 වැනි දා සිට දහම් පාසල් යළි විවෘත කළ හැකි බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, දහම් පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් හා අනෙකුත් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙසයි.

තව ද ලබන 21 වනදා පූර්ව කටයුතු සූදානම් කර සෞඛ්‍ය මාර්ගෝපදේශයන් තරයේ අනුගමනය කරමින් 28 වනදා සිට දහම් පාසල් විවෘත කරන ලෙස එහි වැඩිදුරටත් සඳහන් ය.

තවත් පුවත්