රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය තේරුම් ගනිමින් පක්ෂ විපක්ෂ ලෙස දෙකට නොබෙදී රට ගොඩනැගීමට සියලු දෙනා එකට එකතු විය යුතු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ කොළඹ මරදාන ප්‍රදේශයේ ඊයේ (16) පැවති උත්සවයක එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා පැවසුවේ පිඩනයකින් සිටින ජනතාවගේ මනස නිදහස් කිරීමට කටයුතු කිරීම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ වගකීමක් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
මොන දේශපාලනය කළත් දරුවන් වෙනුවෙන් වැඩ කළ යුතුයි මේ රටේ දරුවන් හැදුනොත් රටේ අනාගතයත් හැදෙනවා ඒ වගේම දරුවන් නොමඟ ගියොත් රටත් නොමඟ යනවා පවුල් සංස්ථාවත් නොමඟ යනවාකොළඹ ප්‍රදේශය කියන්නේ බොහෝ ජනතාව ජීවත්වන ප්‍රදේශයක් ඔවුන්ට අවශ්‍ය සියලු අවශ්‍යතාවයන් කොළඹ නගර සභාව මගින් ක්‍රියාත්මක වනවා අපි රටක් විදියට කටයුතු කරන විට මනුෂ්‍යත්වය ගොඩනැඟිය යුතුයි යහපත් මිනිස්සු හදන දේවල් තියෙන්නෙත් කොළඹ යහපත් මිනිස්සු වනසන දේවල් තියෙන්නෙත් කොළඹ මත්ද්‍රව්‍ය වලින් මෙම ප්‍රදේශය පිරිලා රට තුළට හොඳ නරක දේවල් ඔක්කොම යන්නේ කොළඹින්හොඳ ගැන අපිට ප්‍රශ්නයක් නෑ නමුත් නරක දේවල් පිළිබඳව සොයා බලා කටයුතු කර අනාගත දරු පරපුර ආරක්ෂා කර ගන්න ඕනේ රටේ බොහෝම එයා කරදර තියෙනවා ජනතාව අසීරුතා මැද්දේ ජීවත් වන්නේ ජනතාව ලොකු පීඩනයකින් නේ ඒ නිසා ජනතාව කලබල වෙලා තියෙන්නේ රටක් ගොඩ නැගෙන්න මුලින්ම ජනතාවගේ මනස නිදහස් කරන්න ඕනේ රට ගොඩ නැගෙන රටත් රටේ ආර්ථිකයෙන් පින්න රටක් යන විදිහට පක්ෂ විපක්ෂ ආණ්ඩුව කවුද කියලා වැඩක් නෑ එකට එකතුවෙලා රට ගොඩනැගීම ටයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ.