A Brand of Non Media Shout (Private) Limited

ඉල් පුර පසලොස්වක පොහොය අදයි..

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකට හේතුවූ ඉල් පුර පසලොස්වක පොහොය අදට(18) යෙදී තිබේ. නිමල බුදු දහම ගම් නියම්ගම් සිසාරා ප්‍රචාරය කිරීමේ අරමුණින් පළමු ධර්මදූත

මිතුරන් සමග ‌බෙදාගන්න

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකට හේතුවූ ඉල් පුර පසලොස්වක පොහොය අදට(18) යෙදී තිබේ.

නිමල බුදු දහම ගම් නියම්ගම් සිසාරා ප්‍රචාරය කිරීමේ අරමුණින් පළමු ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය ඇරඹීම , බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කර තුන්බෑ ජටිලයින් දමනය කිරීම සිදුවූයේ අද වැනි ‍පොහෝ දිනක ය.

අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම හා මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම ද ඉල් පුර පසලොස්වක පොහෝ දිනයේ ශාසනික වශයෙන් සිදුවු වැදගත් සිදුවීම් ය.

බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම වස්සාන කාලය ගත කළේ, බරණැස ඉසිපතනාරාමයේ ය.

මෙම පොහෝ දිනයට සමගාමීව කඨින චීවර පූජාව අවසන් වන අතර වස්විසූ භික්ෂූන් වහන්සේ වස්පාවාරණය කිරීම ද සිදු වෙයි.

කථින චීවර පූජාව අවසන් වන්නේද අද දිනයෙන් ය.

තවත් පුවත්