ශ්‍රී ලංකාවේ සිවූ වතාවක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දෙවරක් විධායක ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
මෙරට 23 වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.
1945 නොවැම්බර් 18 මෙලොව එළිය දුටු මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් කොළඹ නාලන්දා සහ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කොළඹ නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගෙන තිබේ.
එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ 1970 වසරේදී හම්බන්තොට බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමිනි.
එවිට 24 වියේ පසුවූ මහින්ද රාජපක්ෂ මහතා එවක පාර්ලිමේන්තුවේ සිටි ලාබාලම මන්ත්‍රීවරයා විය.
1994 වසරේදී මෙරට කම්කරු ඇමැතිවරයා ලෙසත් ඉන් පසුව ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා ලෙසත් කටයුතු කළ එතුමා 2001 වසරේදී විපක්ෂ නායක ධුරයට පත් වීය.
2004 වසරේදී පැවැති මහා මැතිවරණයට පසුව එතුමා මුල්වරට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වීය.
2005 නොවැම්බර් 17 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 5වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට ජාතිය ඇමතීමට අවස්ථාව උදා කරගත්තේ එම වසරේ නොවැම්බර් 18 එතුමාගේ ජන්ම දිනයේදීම විශේෂත්වයක්.
ජේ.ආර් ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන විධායක ජනාධිපතිවරුන්ට පසු පස්වන විධායක ජනාධිපති ධුරයට පත් වන මහින්ද රාජපක්ෂ මහතා පොදුජන හදවත් දිනාගත් රාජ්‍ය නායකයෙකි.
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනතාව ඉල්ලා සිටියේ රට බිහිසුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ගෙන් මුදා දෙන ලෙසය.
එම හඬට කන් දුන් එතුමා වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුල කොටි ත්‍රස්තවාදීන් සහමුලින් පරාජය කිරීමට දේශපාලන නායකත්වය දීමට සමත්විය .
පසුව 2010 ජනාධිපතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ එතුමා මහින්ද චින්තන වැඩපිළිවෙළ ඉදිරිපත් කරමින් රට තුල අධිවේගී මාර්ග ඉදිකිරිම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගනනාවක් ආරම්භ කරන ලදී .
ලාංකීය දේශපාලන ඉතිහාසයේ රටේ විධායක ජනාධිපති ධුරය දෙවරක් හොබවා ඊට පසු රටේ අග්‍රාමාත්‍ය ධුරයට සිවූ වරක් පත් වූ එකම රාජ්‍ය නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.
රටේ විධායක ජනාධිපති ධුරය දෙවරක් හොබවා රටේ විපක්ෂ නායක ධුරටය පත් වූ දේශපාලන නායකයකුද දක්නට නොමැති අතර මෙරට රාජ්‍ය නායකත්වයට පත් ව පසුව දේශපාලන පරාජයක් ලබා යළිත් දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුවට ගිය රාජ්‍ය නායකයා වන්නේත් මහින්ද රාජපක්ෂ මහතායි
2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති මහා මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යළිත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම එතුමාගේ දෙවන දේශපාලන පුනරාගමනය ලෙස හැදින්විය හැකිය.
මහින්ද රාජපක්ෂ මහතා සිවූවන වරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවූරුම් දුන්නේ සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේය වීමද විරල සිදු වීමකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කල මහින්ද රාජපක්ෂ මහතා පොදුජන එක්සත් පෙරමුණ ගොඩ නැගීමේදී පුරෝගාමී චරිතයක් වූ අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයාද වේ.