කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව හටගන්නා ලද සෞඛ්‍ය ගැටළු සදහා වන්දි ලබා ගැනීමට ඔස්ට්‍රේලියානුවෝ දහස් ගණනක් ලියාපදිංචිව සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ ඕස්ට්‍රේලියානුවන්ට පවසා ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය ගැටළු ඉස්මතු වුව හොත් අදාළ වෛද්‍ය වාර්තා සමග පැමිණිල්ලක් ගොනු කර වන්දියක් ලබා ගත හැකි බවයි.
ඒ අනුව මේවන විට එන්නත් ලබා ගැනීමෙන් පසුව මතු වූ සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි 79, 000 ක් ඖෂධ පාලන අධිකාරියට ලැබී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ මේවන විට එන්නත් මාත්‍රා මිලියන 36.8 ක් එරට වැසියන්ට ලබා දී ඇති අතර එන්නත් ලබා ගැනීමෙන් 9 දෙනෙකු මිය ගොස් ඇතැයිද පැවසෙනවා. එසේම එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව සොඛ්‍ය ගැටළු මතුව පැමිණිළි කළ බොහෝ දෙනා වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් බවත් එරට මාධ්‍ය පෙන්වා දෙනවා.