ඇමෙරිකානු නාසා ආයතනය
රුසියාව අභ්‍යවකාශයේ සිදු කළ අවි අත්හදා බැලීම නිසා අභ්‍යවකාශ කසළ කැබලි 1500 කින් ගගනගාමීන් 7 කට තර්ජනයක් එල්ල වී ඇත. මෙම ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි. පැරණි රුසියානු චන්ද්‍රිකාවකට එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් එම කසළ කැබලි අභ්‍යවකාශය තුළ පාවෙන බව හෙළි වී ඇත. ඇමෙරිකානු නාසා ආයතනය සඳහන් කළේ එම කසළ කැබලි නිසා රුසියානු ගගනගාමීන්ගේ ජීවිතද අවදානම් තත්ත්වයේ පවතින බවයි.