A Brand of Non Media Shout (Private) Limited

සඳහිරු සෑය සම්බුදු සසුනට පූජා කෙරේ…

අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය ලෝකවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සම්බුදු සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදු කෙරිණ. ඒ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මව්බිමේ ඒකීයභාවය

මිතුරන් සමග ‌බෙදාගන්න

අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය ලෝකවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සම්බුදු සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදු කෙරිණ.

ඒ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් උදාරතර කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් සිහිපත්කිරීම හා 30 වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් සඳහිරු සෑය ඉදිකෙරුණි.

මහා සංඝරත්නය ප්‍රමුඛව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම මහත්මිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මහත්මිය, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිද හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

සධාතුක කරඩුව සඳහා ආභරණ පූජා කිරීම ද මෙහිදී සිදුකෙරිණ.

උස අඩි 283 කට ආසන්න සඳහිරු සෑයේ සම්පූර්ණ විශ්කම්භය අඩි 255 ක් වන අතර ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13 කි.

සඳහිරු සෑය මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යයයි

තවත් පුවත්