දෛනිකව වර්ධනය වන මෙරට විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබාදීම මෙන්ම, මිල අධික විදුලි උත්පාදන ක්‍රමෝපායන්ගෙන් බැහැරවීම තුළින් පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින්, පුනර්ජනනීය ක්‍රමවේදයන්ට අමතරව වෙනත් මිල අවම විදුලි උත්පාදන ක්‍රමවේදයන් වෙත ශ්‍රී ලංකාව අනුගත කරවීමේ හැකියාව පිළිබඳව සොයාබැලිය යුතු බවත්, ඒ සදහා තම රටේ සහාය සැපයීමට සූදානම් බවත් රුසියානු තානාපති යූරි බී. මාතෙරි මහතා ((Yury B. Materiy) අවධාරණය කරයි.
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමඟ එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා පැවති නිල සාකච්ඡාවකට සහභාගි වෙමින්, රුසියානු තානාපතිවරයා මේ පිළිබඳව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා පවසා සිටියේ, න්‍යෂ්ටික ශක්තිය වැනි නව ප්‍රභවයන් තුළින් මිල අවම විදුලි උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයාබලා, ශ්‍රී ලංකාවට සහාය වීමට හැකි බවයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවි ඇති බවත්, වසර 2030 වනවිට ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අතිගරු ජනාධිපතිතුමන් බලාපොරොත්තු වන ඉලක්ක වෙත තමන් ප්‍රමුඛ අමාත්‍යාංශය යොමු වෙමින් සිටින බව පැවසූ විදුලිබල අමාත්‍යවරයා, තම රටේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මේ ආකාරයෙන් රුසියානු රජයේ අවධානය යොමුවීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.
මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.