ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයින් එම විවේචන ආණ්ඩුවෙන් එළියට ගොස් සිදුකිරීම වඩා සුදුසු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද මහනුවරදී ලංගමය මගින් ක්‍රියාත්මක කරන Park and Drive වැඩසටහන ක්‍රියාත්මක කරමින් පැවති උතසවයෙන් අනතුරුවයි.
”දීර්ඝ කාලයකට මේ රජය පෙරළන්න බැහැ .මුදල් ප්‍රශනයක් තියෙනවා ,ඒක ලබන අවුරුද්දේ අප්‍රේල් වනවිට කළමනාකරණය කර ගන්නවා ,කිසිම ආණ්ඩුවකට නරක අහන්නේ නැතුව ඉන්න බැහැ මේ චොවිඩ් තියෙන වෙලාවේ ආණ්ඩුව ඇතුළේ ඉන්න අය දැනගන්න ඕනේ හොඳ ටිකේදි විතරක් ඇතුළේ ඉඳල නරක ටිකේදි එළියේ ඉන්න බැහැ.අපි දැකල තියෙනවා සමහර අය ගොවි උද්ඝෝෂණවලට යනවා ඇමතිවරු නියරකවත් ගියේ නැහැ කියනවා.අපේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල එහෙම කරනවානම් වැරදියි අපි නම් ඕක මුලින්ම කිව්වා යනවනම් ඉක්මනට යන්න කියල ගිහිල්ලා කියන එක හොඳයි ඇතුළේ ඉඳල කියන එක නිර්ලජ්ජිතයි” යනුවෙන් ඔහු පැවසීය