A Brand of Non Media Shout (Private) Limited

ජනවාරි සිට ත්‍රිරෝද රථ සදහා මීටරෙන් ඉන්න……

ජනවාරි පළමු වැනිදා සිට පොදු ප්‍රවාහන සදහා භාවිතා කරන සියලුම ත්‍රීරෝද රථ මීටර් ටැක්සි බවට පරිවර්තනය කල යුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා

මිතුරන් සමග ‌බෙදාගන්න

ජනවාරි පළමු වැනිදා සිට පොදු ප්‍රවාහන සදහා භාවිතා කරන සියලුම ත්‍රීරෝද රථ මීටර් ටැක්සි බවට පරිවර්තනය කල යුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මහනුවර අද(20) පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුවයි.

ඊට අදාළ ගැසට් නිවේදනයට මේවන විටත් අත්සන් කර අවසන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘති ලබන ජනාවාරි මාසයේ ආරම්භ වන අතර එය මාස තුනක් ඇතුලත් දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ලබන වසරේ අප්‍රේල් මාසයෙන් අනතුරුව පොදු ප්‍රවාහන ත්‍රීරෝද රථ වල මීටර් සවිකර තිබීම අනිවාර්ය බවත් එලෙස ක්‍රියාත්මක නොවුනොත් ඒ සදහා නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බවයි.

තවත් පුවත්