මහනුවර සිට සරසවි උයන දක්වා දැනට තනි මාර්ගයක්ව පවතින දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම සංවර්ධනය කෙරෙන මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කි.මි. 05කි.
දෛනිකව මෙම මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක් පමණ ධාවනය සිදු කෙරෙන අතර කාර්යාල දුම්රිය හා පාසල් සිසුන් ගමන් ගන්නා දුම්රිය ගමන්වාර කිහිපයක්ද ධාවනය වේ. දැනට තනි මාර්ගයක්ව පවතින මෙම මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක් සිදු කිරිම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග වැඩි වේලාවක් වසා තැබීම නිසා මහා මාර්ගයේ වාහන තදබදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව දුම්රිය ධාවනය ප්‍රමාද වීමත්, දුම්රිය හරස් මාර්ග වසා තැබිමේ කාල සීමාව අවම කිරීම සැලකිල්ලට ගනිමින් මෙම දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට නවීකරණය කිරීම ආරම්භ කෙරිණි.
මෙම මාර්ගයේ ඉදි කිරිම් කටයුතු අදියර දෙකකින් නිම කරන අතර පළමු අදියර මහනුවර සිට – ගැටඹේ දක්වා කි.මි. 03ක ප්‍රමාණයත්, දෙවන අදියර ලෙස ගැටඹේ සිට සරසවි උයන දුම්රිය ස්ථානය දක්වා කි.මි. 02ක දුර ප්‍රමාණයත් ඉදි කිරීමට නියමිතය.
රුපියල් දසලක්ෂ 589ක වියදමකින් ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වසර දෙකකින් නිම කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.