A Brand of Non Media Shout (Private) Limited

එක රටක් එක නීතියක් අද යාපනට කැන්දන් යයි…

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම යටතේ අද යාපනය වාලම්පුරි ශාලාවේ දී අදහස් විමසීම සිදු විය. නීතිඥයන්,

මිතුරන් සමග ‌බෙදාගන්න

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම යටතේ අද යාපනය වාලම්පුරි ශාලාවේ දී අදහස් විමසීම සිදු විය. නීතිඥයන්, වෘත්තිකයන්, ආගමික නායකයන්, ශිෂ්‍යයන් සහ සිවිල් ජනතාව නීතිය සමානව ක්‍රියාත්මක නොවීමට අදාළව විවිධ පැතිකඩ ඔස්සේ කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දක්වනු ලැබූහ.

ජනතාවගේ අදහස් දැක්වීම අගය කළ බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එක රටක් එක නීතියක් යන්න යථාර්තයක් බවට පත් කිරීමට අධිෂ්ඨානශීලිව කැප වන බව පැවසූහ.

මහාචාර්ය ශාන්ති නන්දන වීරසිංහ, අයියම්පිල්ලෙයි ආනන්ද රාජා යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝද කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තවත් පුවත්